Chapter 28

1.2K 237 222
                                    

කලින් කොටස කියවපු නැති අය ඒක කියවලා එන්න. Wattpad notification වල අවුලක් වෙලා තියෙයි. මට ඔයාලගෙ comments වල notifications ආවෙත් නෑ💔

_____________________________________________________

"ම්-මයි ලිට්ල් ප්-ප්‍රින්ස්"

"ටේ.. ඔ-ඔයාගෙ ඔලුව.."

"මං දන්නවා.. මං කියන.. අහ්.. එක අ-අහන්න.. ම්-මං මැරුණොත් ඔ-ඔයා.. ඔයාට ආදරේ ක..රන කෙනෙක් හොයා..ගෙන අ-අපි හීන දැකපු.. ජ්-ජීවිතේ ගෙවන්න.. ම-මට පොරොන්දු වෙ..න්න.."

"ම්-මට බෑ ටේ.."

"අ-අඩුගානෙ මට.. මට පොරොන්දු වෙන්න.. ඌහ්.. ම්-මං මැරුණා කියලා.. ඔ-ඔයා ඔයාගෙ ජීවිතේ.. නැ..ති කරගන්නෙ නෑ කියලා.."

"ටේ.."

"ප්ලීස්.."

"ම්-මං පොරොන්දු වෙනවා ටේහ්‍යොන්ග්." ටේහ්‍යොන්ග්ගේ දෙතොල් මතින් ආදරණීය සිනහවක් නැගෙද්දී ඒ දෑස් සෙමින් සෙමින් පියවී ගියා.

නැවතත් සිහි නැතිව යාමට මත්තෙන් ජන්ග්කුක්ට දැනුනා කවුරුන් හෝ ඔවුන් වෙතට දිව එන හඬක්. හුරුපුරුදු උණුහුමකට ඔහුව ඇදී යද්දි ජන්ග්කුක්ගේ සිහිය දෙවෙනි වතාවටත් සම්පූර්ණයෙන්ම නැතිව ගියා.
.
.
.
.
.
.
.
.
.

සති කිහිපයකට පසු,

"ටේ.." සිහිනයෙන් කෑගැසූ ජන්ග්කුක්ගේ හඬට ඔහුගේ සයනයේ හිස තබා නිදාසිටි ජින් තිගැස්සී අවදිවුණා.

"කුකී.."

"අයියේ.. ටේ ආවා.. ටේ හිටියා මෙතන.. එයා මාව බලන්න ආවා.." ජන්ග්කුක් කලබලයෙන් ඒ මතට අත දිගු කරමින් පවසා සිටිද්දි ජින්ගෙ දෑස් කඳුලින් පිරුණා.

"අනේ මැණික.." සිය මළණුවන්ව ඔහුගේ තුරුලට ගත් ජින්ගෙ දෑසින් කඳුලක් කඩා හැලුණා.

"මං ඇත්තමයි කියන්නෙ ජිනී.. මගෙ ටේ මාව බලන්න ආවා.." ජින්ගෙ කමිසය සිය දෑත් අතරට තදකරගෙන ජන්ග්කුක් මුමුණද්දි ජින් ජන්ග්කුක්ගේ පිට පිරිමදිමින් ඔහුගේ හැඬුම් වාවගන්න උත්සාහ කරා.

මීට සති තුනකට කලින් ජන්ග්කුක්ගේ සහ ටේහ්‍යොන්ග්ගේ පැරිස් ගමන අවාසනාවන්ත ලෙසින් කඩා කප්පල් වුණේ ජන්ග්කුක් සහ ටේහ්‍යොන්ග් හට මුහුණ පෑමට සිද්දවුණු දරුණු අනතුර නිසාවෙන්. වාසනාවකට මෙන් ඔවුන්ගේ පසුපසින්ම වගේ ඔවුන් දෙදෙනාව පුදුම කරවීමට දුම්රිය නැවතුම්පොළට ඒමට සිතූ ජන්ග්කුක්ගේ පවුලේ අය සහ ඔහුගේ මිතුරන් නිසාවෙන් ජන්ග්කුක්ගේ දිවි රැකගැනීමට ඔවුන්ට හැකිවුණා. කෙසේවෙතත් ඔහුගේ පස ඉලක්ක කරමින් සිද්ද උනු අනතුරෙන් දරුණු තුවාල ලබාසිටි ටේහ්‍යොන්ග් රෝහල වෙතට ගෙන එද්දිත් සිය අවසන් හුස්ම හෙලා තිබුණා.
සතියකට පමණ පසු ජන්ග්කුක් සම්පූර්ණ සිහිය ලැබුවත් ඔහුගේ තුවාල බරපතල වූ නිසාවෙන් ඔහුට තවත් සති කිහිපයක් රෝහලේ රැඳෙන්නට සිදුවුණා. ඒ නිසාවෙන් ටේහ්‍යොන්ග්ගේ අවමංගල්‍යට සහභාගී වීමට පවා ජන්ග්කුක් හට නොහැකි වුණා.

Forget Me not [Taekook] ✔️Where stories live. Discover now