Chapter 4

1.1K 281 85
                                    

"ඔය ඉන්නෙ ඔබගේ කුමරුන්.." කැප්ටන් නම්ජුන්ගෙ නිල නිවාසයේ ඔහු ලබාගත් විවිධ පදක්කම් සහ ලාංඡන තබා ඇති කුටියේ සිටින ජන්ග්කුක්ව පෙන්වමින් නම්ජුන් පැවසුවා. නම්ජුන්ගෙ පදක්කම් නරඹමින් සිටින ජන්ග්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග්න්ද සැනසුම් සුසුමක් හෙලුවා. ඒත් එක්කම ටේහ්‍යොන්ග්ට තේරුණා නම්ජුන් පැවසූ දෙයෙහි අමුත්තක්.

"ඔබගේ කුමරුන්?" ටේහ්‍යොන්ග් ඇහිබැමක් ඔසවලා නම්ජුන් දිහා බැලුවත් නම්ජුන් ටේහ්‍යොන්ග්ව නෑසුනාක් මෙන් ඔහුව පසුකර ජන්ග්කුක් වෙතට ළංවුණා.

"කුමරුනි.."

"අහ්?" නම්ජුන්ගෙ හඬට තිගැස්සුනු ජන්ග්කුක් ඔහු වෙතට හැරී බැලුවා. ටේහ්‍යොන්ග් ආයෙමත් දැක්කා ජන්ග්කුක්ගෙ කම්මුල් වල රෝස පැහැය වැඩිවෙනවා.

"ම්..මං කම්මැලි හිතුනු නිසා පොඩ්ඩක් ඇවිදින්න හිතුවා."

"අහ්.. අපේ ටේහ්‍යොන්ග්, කුමරුන් නොමැති වූ නිසාවෙන් බොහෝ කලබල වුණා." නම්ජුන් කිව්වම ජන්ග්කුක්ගෙ දිලිසෙන තරු ඇස් ටේහ්‍යොන්ග් වෙතට යොමුවුණා.

"සමාවෙන්න.. මට අමතක වුණා ඔබට නොකියා කොහෙවත් යන්න එපා කියලා කියපු එක." ආයෙමත් ජන්ග්කුක් සමාව ගන්නවා. කොච්චර කිව්වත් ජන්ග්කුක්ගෙ ඒ පුරුද්ද නැති වෙන එකක් නම් නෑ කියලා හිතෙද්දි ටේහ්‍යොන්ග් සුසුමක් හෙලුවා.

"ඒකට කමක්නෑ.. අපි දැන් යමුද? කුමරුන්ට තව ටිකකින් මාධ්‍යය හමුවක් තියෙනවා. එයට සූදානම් විය යුතුයි." ටේහ්‍යොන්ග් දැනුම් දුන්නම ජන්ග්කුක් හිස සැලුවා.

"එහෙනම් අපි යන්නම් කැප්ටන්." ටේහ්‍යොන්ග් කිව්වම නම්ජුන් ඔලුව වැනුවා.

"අපි යන්නම් කැප්ටන් නම්ජුන්. ඔබව හමුවීමට ලැබීම සතුටක්." ලැජ්ජාශීලි හඬකින් ජන්ග්කුක් පැවසුවම නම්ජුන් සිනාසී ජන්ග්කුක් හට ආචාර කරා.

අනතුරුව මාළිගාවට එනතෙක්ම ජන්ග්කුක් සහ ටේහ්‍යොන්ග් අතර කතාබහක් ඇති උනේ නෑ.

"කුමරුන්ට හැකියිද තනියෙන් පිරිසුදු වෙන්න?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් හිස සැලුවා.

Forget Me not [Taekook] ✔️Where stories live. Discover now