"කවුරුහරි දකියි ජන්ග්කුක්.."
"කවුරු දැක්කම මොකද.. අනේ එකම එකක්.. ආ.. හා නේද.." ටේහ්යොන්ග්ගේ බෙල්ලෙ එල්ලිලා දඟලන ජන්ග්කුක්ගේ ඉල්ලීම අහක දාන්න බැරිම තැන ටේහ්යොන්ග් ජන්ග්කුක්ගේ තොල් වලට බරවුණා.
ජන්ග්කුක්ගේ තොල් වල පහසින් මත් වෙලා ගියපු ටේහ්යොන්ග්ටත් මොහොතකට ඔවුන් සිටින්නෙ ජන්ග්කුක්ගේ කාමරයේ නෙවෙයි මන්දිරයේ ඉන්න හැමෝටම දකින්න පුළුවන් තැනක කියන දේ අමතක වුණා.
"අහ්ම්.." උගුර පාදන හඬකින් පියවි සිහියට ආපු ටේහ්යොන්ග් ගැස්සිලා ජන්ග්කුක්ගේ තොල් මුදා හැරියා.
"ම්ම්හ්.." ජන්ග්කුක් කෙඳිරිලි හඬක් පිටකරලා ටේහ්යොන්ග් වෙතට අමනාපය මුසු බැල්මක් හෙලුවත් ටේහ්යොන්ග්ගේ පිටුපසින් සිටගෙන ඔවුන් දෙස බලා සිටින ඔහුගේ පියාණන් දැක්කම ජන්ග්කුක්ගේ දෑස් විසල් වුණා.
"ත්-තාත්තා?" ජන්ග්කුක් වෙතින් පිටවෙද්දි සීතල වෙලා ගියපු ටේහ්යොන්ග් එඩ්වඩ් දිහාට හැරුණේ ඔහුගෙ කෝපය මුසු බැල්ම බලාපොරොත්තුවෙන් උනත් ඔහුට එවන් දෙයක් දැකගන්න නම් ලැබුණේ නැහැ. ඒ දෑස් වල පිරිලා තිබුණු හැඟීම් වටහගන්න මිනිසුන් කියවීමේ පළපුරුදු කාරයෙක් උනු ටේහ්යොන්ග්ටවත් නොහැකි වුණා.
"ජන්ග්කුක්, මගෙ කාර්යාල කාමරයට එන්න. මට ඔයත් එක්ක වැදගත් දෙයක් ගැන කතාකරන්න තියෙයි." වෙහෙසකර හඬකින් එසේ පවසපු එඩ්වඩ් ටේහ්යොන්ග් වෙතට බැල්මක් හෙලා එතනින් ඉවත් වුණා.
"ටේ.. අනේ මට බයයි." ටේහ්යොන්ග්ගේ අතක් තදින් මිරිකගෙන ජන්ග්කුක් කියද්දි ටේහ්යොන්ග් ජන්ග්කුක්ගේ කොපුලක් සෙමින් පිරිමැද්දා.
"බයවෙන්නෙපා.. ගිහින් තාත්තව හම්බවෙලා එන්න. ඔයාගෙ තාත්තා දෙන ඕනෙම දඬුවමක් භාරගන්න මට පුළුවන්.. හැබැයි තාත්තට කියන්න මාව ඔයාගෙන් ඈත් කරන්න නම් එපා කියලා." වේදනාව පිරුණු දෑසින් ටේහ්යොන්ග් පැවසුවම ජන්ග්කුක් ටේහ්යොන්ග්ගේ අත තවත් තදකරලා හිමීට ඔලුව වැනුවා.
"ම්ම්.. දැන් ගිහින් තාත්තව හම්බවෙන්න. නැත්නම් එයාට තවත් කේන්ති යයි." ටේහ්යොන්ග්ට කීකරු වුණු ජන්ග්කුක් එතනින් නික්මෙද්දි ටේහ්යොන්ග් බියෙන් ගැහෙන හදවතින් යුතුව දිගු සුසුමක් පාතට හෙලුවා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfiction~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...