ජන්ග්කුක් තදින් දෑස් පියාගෙන වීදුරු කැබැල්ල තවත් සියතට තද කරගන්න උත්සාහ කරත් එක්වරම ඔහුගේ අත දැඩි ග්‍රහණයකට ලක්වුණා. ජන්ග්කුක්ගෙ අත්ලට සිරවෙලා තිබුණු වීදුරු කැබැල්ල ඔහු අතින් ඉවතට ඇදී යද්දි ජන්ග්කුක් සෙමින් දෑස් විවර කරා. ඒත් සමඟින් ඔහු වෙතින් ඉකියක් පිටවුණා. මහ හඬින් ඔහුට ඇඬෙද්දි ජන්ග්කුක් ඔහු සමීපයේ සිටින ඔහුට ඒ මොහොතෙදි අවශ්‍යම උනු පුද්ගලයාගෙ උණුහුමට තුරුල් වුණා.
"ශ්ශ්.. මං ඉන්නවා.. මං ඉන්නවා.. " ටේහ්‍යොන්ග්ගේ ගැඹුරු මුත් ආදරණීය හඬ ඔහුගේ සවන අසලින්ම නැගෙද්දි ජන්ග්කුක් පොඩි දරුවෙක් වගේ ඔහුට තුරුල්වී හඬා වැටුණා.
"ම්..මට මැරෙන්න ඕනෙ ටේ.. මට තවත් බෑ ඉන්න.. ම..මාව හැමෝම රවට්ටලා... කවුරුත් මට ආදරේ නෑ..."
"ශ්ශ්.. කූ.. මේ අහන්න මගෙ පුංචි කුමාරයෝ.. ඔයාට ඔයාගෙ අයියා තාත්තා ගොඩක් ආදරෙයි.. ඔයාට ඔයාගෙ ජිමින් ඉන්නවා.. ඒ අයව දාලා යන්න ඔයාට පුළුවන්ද?" ටේහ්‍යොන්ග් මෘදු හඬකින් ඇහුවා. ජන්ග්කුක් හඬමින්ම හිස දෙපසට සැලුවා.
"ඒත්.. මං.. මං ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න හීන දැක්කා. ආදරෙන් මැරෙනකම්ම එකට ඉන්න හීන දැක්කා.. මගෙ පුංචි පැටව් දෙන්නා ලොකුවෙන හැටි මං මවාගත්තා. ඒත්.. ඒත් එයාලා කවුරුත් මගෙ නෙවෙයි. මං.. මං කොච්චර රැවටිලද?? ඇයි.. ඇයි මට ඒ ආදරේ අයිති නැත්තෙ?? ඇයි ටේහ්‍යොන්ග්??" ටේහ්‍යොන්ග්ගේ පපුවට තුරුල් වෙලා ජන්ග්කුක් නොනවත්වාම හඬද්දි ටේහ්‍යොන්ග්ට දැනුනා ඔහුගේ හදවත වේදනාවෙන් මිරිකිලා යනවා.
"ම්..මට තවත් ජීවත් වෙන්න බෑ ටේහ්‍යොන්ග්.. මට කිසිම බලාපොරොත්තුවක් නෑ දැන්. මට මහා හිස්කමක් දැනෙනවා.. මට.. මට තවත් ඒක දරාගන්න බෑ ටේ.." ජන්ග්කුක් ඉකිගසා හඬා වැටුණේ ඔහුගේ අතේ තියෙන තුවාලය පාරගන්න උත්සාහ කරමින්. නමුත් ටේහ්‍යොන්ග් තදින් ජන්ග්කුක්ගේ අත අල්වාගෙන ඔහුගේ දෑස් වලට එබුණා. ජන්ග්කුක්ගේ කඳුලු පිරුණු දෑස් ටේහ්‍යොන්ගේ කෝපයෙන් සහ වේදනාවෙන් රතු වෙලා ගියපු දෑස් හා ගැටුණා.
ජන්ග්කුක්ගෙ වදන් ටේහ්‍යොන්ග්ව රිදවද්දි ඔහු කිසිසේත්ම ජන්ග්කුක් හට නොපවසා සිටින්නට තීරණය කල ඒ රහස ඒ මොහොතෙදි ජන්ග්කුක් හට පවසා සිටින්න තීරණය කලා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fiksi Penggemar~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...