"ටේ.."
"ම්ම්?"
"ඔයා දන්නවද ගේ ක්ලබ් එකක් කියන්නෙ මොකද්ද කියලා?"
"ඔයා කොහොමද ඒ ගැන දන්නෙ?"
"එදා අපි මාකට් ගියපු දවසෙ අර අවන්හලකට ගියේ. එතනදි කට්ටියක් ඒ ගැන කතාවෙනවා මට ඇහුණා."
"ම්ම්.. මාත් වැඩිය දන්නෙ නෑ. හැබැයි මං කැප්ටන් නම්ජුන් එක්ක දවසක් ඒකට ගිහින් තියෙයි."
"කැප්ටන් නම්ජුන් එක්ක? එත් ඇයි ගේ ක්ලබ් එකකට ගියේ?"
"හෝව් හෝව් වැරදියට හිතන්න එපා. එදා කැප්ටන් නම්ජුන් හිටියෙ ලොකු හිතේ කරදරයකින්. අපි ඒ නිසා එළියට ආවා ටිකක් හිත නිදහස් කරගන්න. එදා තමයි මං ඒ ගේ කල්බ් එක ගැන දැනගත්තෙ. කැප්ටන් නම්ජුන්ගෙ ඉල්ලීම අහක දාන්න බැරිනිසා මාත් ගියා. ඒත් ඒ වෙද්දි මට පිරිමි කෙනෙක් ගැන එහෙම හැඟීමක් ඇතිවෙලා තිබුණෙ නැති නිසා ඒක එච්චර විනෝදයක් උනේ නෑ."
"ඉතින්.. ගේ ක්ලබ් වල මොනවද කරන්නෙ?"
"ඒවගේ කරන්නෙත් සාමාන්‍යයෙන් අනිත් ක්ලබ් වල වෙන දේවල්ම තමයි මයි ලිට්ල් ප්‍රින්ස්. බොනවා.. නටනවා.. රෑ ගත කරන්න කෙනෙක් හොයාගන්නවා.. විශේෂයකට තියෙන්නෙ ඒකට එන්නෙ පිරිමි අයට කැමති පිරිමි අයයි ගෑණු අයට කැමති ගෑණු අයයි. එච්චරයි.."
"ඕ.."
"දැන් ඇයි එකපාරටම මගෙ පුංචි කුමාරයට ඒ ගැන අහන්න හිතුනේ?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක්ගේ කම්මුල් රෝස පාට වුණා.
"මටත් දවසක ඒකට යන්න ආසයි."
"ඒක භයානකයි ජන්ග්කුක්.. ඒ වගේ තැනකදි ඔයාව කවුරුහරි අඳුර ගත්තොත් ලොකු විනාසයක් වෙන්නෙ." ටේහ්‍යොන්ග් බරපතළ විදිහට පැවසුවම ජන්ග්කුක්ගේ මූණ බෙරිවෙලා ගියා.
"ඒත් අපි එදා මාකට් ගියා කවුරුත් දන්නෙ නෑනෙ. මං එදා වගේම කාටවත් අඳුරගන්න බැරිවෙන විදිහට ලෑස්ති වෙන්නම්. අනේ මාව ඒකට එක්කන් යන්නකෝ."
"ඇස් ඔහොම බෝල කරලා මං දිහා බලන්නෙපා ලව්. මට එතකොට බෑ කියන්න බෑ." ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක්ට හිනාගියා.
"ඔයාට නම් හිනා. හරිම අසාධාරණයි මේක.." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගේ ඇස් මඟ ඇරලා බොරු තරහකින් කිව්වම ජන්ග්කුක් හිනාවෙලා ටේහ්‍යොන්ග්ගේ කම්මුලක් උඩින් තොල් තදකරා. ටේහ්‍යොන්ග්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග්ගේ අත ජන්ග්කුක්ගේ තොල් තැවරුණු තැනින් නතරවුණා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfic~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...