"ඔයා කරපු කිසිම දෙයක් නිසා මට හොඳක් වෙලා නෑ වික්ටෝරියා. ඒ නිසා කරුණාකරලා විහිළු කරන එක නවත්තන්න." වික්ටෝරියාගෙ අත ඔහු වෙතින් ඉවතට විසිකරපු ජන්ග්කුක් කෝපයෙන් කෑගැහුවම වික්ටෝරියා හිනාවුණා.
"ඒත් මං දැන් ඉස්සර හිටපු වික්ටෝරියා නෙවෙයි ජන්ග්කුක්. ටිකක් හිතන්න, අපි දෙන්නා ආයෙමත් මුල ඉඳන් පටන් ගත්තොත් ඔයාට පුළුවන් දිගටම කුමාරයෙක් විදිහට රජ මාළිගාවෙ ඉන්න. එතකොට ඔයාට පුළුවන් හැමදාම එරික් කුමාරයයි හෙන්රි කුමාරයයි එක්ක ඉන්න. රජපවුලේ ගෞරවයත් ඒකෙන් රැකෙනවා. ඒ වගේම මං පොරොන්දු වෙනවා චාල්ස්ව සම්පූර්ණයෙන්ම අමතක කරලා ඔයාට අවංක වෙන්න." වික්ටෝරියාගෙ වචන ජන්ග්කුක්ව පුදුමයෙන් ගල් කරද්දි ඔහු වික්ටෝරියා දිහා බලාගෙන හිටියෙ මවිතයට පත් දෑසින්. ජන්ග්කුක් කවදාවත් හිතුවෙ නෑ වික්ටෝරියා මේ වගේ යෝජනාවක් කරයි කියලා.
"ව්-වික්ටෝරියා.."
"ජන්ග්කුක්.. ටිකක් හිතලා බලන්න.. මේ සමාජෙ සමලිංගික සම්බන්ධතා පිළිගන්නෙ නෑ. අනික ඒ වගේ සම්බන්ධයක තේරුම මොකද්ද? මං හොඳටම දන්නවා ඔයා මොනතරම් දරුවන්ට ආදරෙයිද කියලා.. ඒත් ටේහ්‍යොන්ග්ට පුළුවන්ද ඔයාට දරුවෙක් දෙන්න?? ආ.. පුළුවන්ද?" වික්ටෝරියාගෙ වදන් ජන්ග්කුක්ගේ හදවත පාරවද්දි ඒ දෑස් වලින් කඳුලු බිංදුවක් කඩා හැලුණා.
"මෙතනින් යන්න.." ජන්ග්කුක්ගේ හඬ දුර්වල මිමිණිල්ලක් වුණා.
"ජන්ග්.."
"මෙතනින් යන්න වික්ටෝරියා!!! කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යනවා.." හයියෙන් කෑගහපු ජන්ග්කුක් අඬාගෙන බිම ඇදගෙන වැටෙද්දි ජයග්‍රාහී සිනහවකින් ඔහු දෙස බැලූ වික්ටෝරියා ආපිට කිසිවක් නොපවසාම ජන්ග්කුක්ගේ කුටියෙන් නික්මුණේ ඇයගේ වචන ජන්ග්කුක්ට ඇතිකල බලපෑම ගැන ප්‍රීතියෙන් උදම් අනමින්.
වික්ටෝරියා කුටියෙන් පිටත්වෙලා ගියාට පස්සෙ ජන්ග්කුක් ඇඳට හේත්තුවෙලා මහ හයියෙන් අඬන්න ගත්තා. වෙනදට ජන්ග්කුක් අඬද්දි එයාව සනසවන්න උරහිසක් තිබුණට අද ජන්ග්කුක් ඉන්නෙ තනිවෙලා. ටේහ්‍යොන්ග් තවදුරටත් ඔහු ළඟින් නෑ කියලා හිතෙද්දි ජන්ග්කුක්ගේ වේදනාව තව තවත් වැඩිවුණා. දණහිස් පපුවට තදකරගෙන මූණ දෙදණිස් අතර හොවාගත්තු ජන්ග්කුක්ගේ දෑසින් වැටෙන කඳුලු පැය ගානක් යනකනුත් නැවතුණේ නම් නෑ.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fanfic~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...