*සලාං*
මුළුතැන්ගෙය දෙසින් ඇසුණු වීදුරුවක් බිඳී ගිය ශබ්දයෙන් ටේහ්‍යොන්ග් තිගැස්සුනා.
"ජන්ග්කුක්, ඔයාද?" සාලයේ සිට මුළුතැන්ගෙය දෙසට යමින් ටේහ්‍යොන්ග් විමසද්දි ඉහළ මාලයේ සිටි ජන්ග්කුක්ගේ කෑගැසීම ඔහුට ඇහුණා.
"මොකද්ද ඒ සද්දෙ ටේ.. ඔයා ආයෙමත් වීදුරුවක් බින්ඳද? කැප්ටන් කිම්ගෙ ගතිගුණ ඔයාටත් ඇවිත්ද මන්දා.." ජන්ග්කුක්ගේ හඬ ළං ළංව ඇසෙද්දි ඔහු පහත මාලයට පැමිණෙන බව ටේහ්‍යොන්ග් හට වැටහුණා.
ඒ ජන්ග්කුක් නෙවේ නම් මොකද්ද ඒ සද්දෙ? ටේහ්‍යොන්ග්ගේ සිත විමසද්දි ඔහු කුතුහලයෙන් යුතුව මුළුතැන්ගෙයට ඇතුල් වුණා. ඒත් සමඟම යමෙකුගේ අඩි ශබ්දයක් ඇසෙද්දි ටේහ්‍යොන්ග්ගේ දෑස් ක්ෂණයකින් මුළුතැන්ගෙයි විවර වෙලා තිබුණු දොර වෙතට ඇදුණා. ටේහ්‍යොන්ග්වත් ජන්ග්කුක්වත් ඔවුන් එහි නොමැති කිසිම වෙලාවක මුළුතැන්ගෙයි දොර විවෘතව තබන්නේ නැහැ. ටේහ්‍යොන්ග් ඉක්මනින් එළියට දිවගොස් වටපිට බැලුවත් ඔහු හට කිසිවෙකුත් දැකගත නොහැකි වුණා.
"ටේ.. මේ මං ආසම කෝප්පෙ.." ජන්ග්කුක්ගේ කටහඬ ඇහෙද්දි ටේහ්‍යොන්ග් ආයෙමත් මුළුතැන්ගෙට ඇතුල් වුණේ කලබලකාරී පෙනුම ජන්ග්කුක් වෙතින් සඟවා ගැනීමට උත්සාහ දරමින්.
"සමාවෙන්න ලව්, මට දොර වහලා යන්න අමතක වෙලා. පාරෙ යන බල්ලෙක් ආපු නිසා ඌව එළවන්න යද්දි මං අතින් කෝප්පෙ වැටුණා." ජන්ග්කුක්ව බය කරන්න අවශ්‍ය නොවුණු නිසා අමාරුවෙන් බොරුවක් ගොතාගත්තු ටේහ්‍යොන්ග් ඉක්මනට බිමට නැමිලා වීදුරු කටු අහුලන්න ගත්තෙ ජන්ග්කුක්ගෙන් මුහුණ සඟවාගන්න අදහසින්. ටේහ්‍යොන්ග් කියන්නෙ බොරු කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම ජන්ග්කුක් ඉස්සරහදි නම් ටේහ්‍යොන්ග්ට කොහොමටවත් බොරුවක් කියාගන්න අමාරුයි.
"ආහ්.." කලබලය නිසාම ටේහ්‍යොන්ග්ගේ අත වීදුරු කෑල්ලකට කැපෙද්දි ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග් ළඟින් ඉඳගත්තා.
"ඔයා ඉන්න.. මං මේක අස් කරන්නම්."
"පරිස්සමින්.." ටේහ්‍යොන්ග් එහෙම කියලා පැත්තකට උනාම ජන්ග්කුක් පරිස්සමෙන් වීදුරු කටු ටික එකතු කරලා පැත්තකින් තිබ්බා.
YOU ARE READING
Forget Me not [Taekook] ✔️
Fiksi Penggemar~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments...