chapter 1💜️

1.4K 64 3
                                    

අද මගේ ජීවීතේ ලස්සනම දවසක්.කෙල්ලෙක්ගේ ජීවිතේ මේ සුන්දර දවස උදාවෙනකන් හැමකෙල්ලෙක්ම බලන් ඉන්නේ ගොඩක් ආසාවෙන්.ඒත් මං.......හීනෙකින්වත් නොහිතපු මහ විකාර තීරණයකට මගේ මුලු ජීවිතේම දුන්නා.ඇත්තටම මේ හැම දේටම වග කියන්න ඕන මගේ මහ ලොකු අයියා.ඒ මිනිහා තමා මං බෑ කියද්දි අර function මගුලකට මාව ගෙනිච්චේ.ඒකෙන් තමා මේ හැමදේම සිද්ද වුනේ.අහ්හ්හ්හ් මගේ ඔලුවත් රිදෙනවා.හෙට ඉදන් මං මැරීඩ් girl කෙනෙක්.ඒකත් මේ වගේ මනුස්සයෙක් එක්ක life එක ගෙවන්නේ කොහොමද?කමක් නෑ ටික කාලයයිනේ ඊටපස්සේ මට මේ හැමදේකින්ම නිදහස් වෙන්න පුලුවන්.

සෝයොන් මෙහෙම හිත හිත බොරුවට වටේ ඉන්න මිනිස්සුන්ට පේන්න හිනාවෙවී හිටියා.මේ අස්සේ අර එහාපැත්තේ ඉන්න සේයොන්ගේ හස්බන්ඩ් වුනු කෙනා නලියනවා නලියනවා පිස්සෙක් වගේ.සේයෝන් සැරෙන් සැරේ එයා දිහා බලලා ඔරෝනවා.ඇත්තනේ කෙල්ලගෙ නම්බුවත් නැතිවෙනවා මේ මිනිහා නිසා.ඔහොම ටික වෙලාවක් බලන් ඉදලා බැරිම තැන සේයොන් ටේහියූන්ට කතා කලා.

🦄අනේ ප්ලීස් මං කියන තැනකට විදින්නම් පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්න.අද මගේ වගේම ඔයාගෙත් වෙඩින් එකනේ.ඔයා ඔහොන දගලද්දී
මිනිස්සු හිනාවෙනවනේ.ප්ලීස් ටේහියූන්

🐯ඔහ්හ්හ්....සොරි බබා.මං ආයේ මුකුත් කරන්නෑ.

ටේහියූන් පොඩි එකෙක් වගේ මූනත් හදාගෙන කිව්වම සේයෝන් ආපහු ටේට,ඔරොලා අනික් පැත්ත බලාගත්තා.

🦄ආහ්හ්හ් මගේම කරුමේ.දැන් ඉතින් මේ මනුස්සයා එක්ක ජීවත් වෙන්නත් එපැයි.

සේයෝන් මෙහෙම හිත හිත හිතින් ටේටයි එයාගේ ආදරණීය අයියාටයි  දෙහි කප කප හිටියා.

ඔය විදිහට එදා දවස ගෙවිලා ගියේ ටේ,ටේගෙ පවුලේ අය වගේම වෙඩින් එකට ආපූ හැමෝගෙම මූනේ හිනාවල් වලින්.ඒත් සේයොන්ගේ ඇරෙන්න.කොහොමහරි අන්තිමට හැමෝම ගියාට පස්සේ කපල් එකව කෙලින්ම යැව්වේ ටේ වෙනුවෙන් එයාගේ තාත්තා හදපු ගෙදරට.driver කෙනෙකුත් එක්කම ටේගේ තාත්තා ටේවයි සේයොන්වයි එව්වේ ටේ ඉන්න තත්වෙත් එක්ක කාර් එකක් ඩ්‍ර්‍යිව් කරන්න බැරිනිසයි.

සේයෝන් කාර් එකට නගිද්දී විතරක් වටේ අයට පේන්න හිනාවුනා.ඒත් යන අතරතුර එක මොහොතකටවත් සේයොන් ටේ දිහා බැලුවේ නෑ.ජනේලෙන් එලිය බලාගෙනම ගියා.හැබැයි ටේ නම් සේයොන් දිහා බලාගෙනමයි හිටියේ නිකන් ආස කෑමක් දිහා බලන් ඉන්නවා වගේ.සේයොන්ටත් තේරුනා ටේ බලන් ඉන්නේ කියලා.ඒත් කෙල්ල ගනන් නොගෙනම හිටියා.අන්තිමට ඔන්න ටේගේ සුවිසල් මන්දිරය ඉස්සරහ කාර් එක නතර කලා.කාර් එක නතර කරපු වෙලෙයි සේයෝන් ඔලුව උස්සලා ටිකක් වටපිට බැලුවේ.ගාඩ්න් එකනම් මාරම ලස්සනයි.කෙල්ල කාර් එක ඇතුලේ ඉදන්ම ගාඩ්න් එක බලද්දී ටේ සේයොන්ට කතාකලා

Replacement [KTH FF] 🔞Where stories live. Discover now