Night
සේයෝන් ටේට කෑම හදන්න එපා කියලා කෑම එලියෙන් ඕඩර් කලා.ඕඩර් එක 8 වෙද්දි ආවා.සේයෝන් වගේම ටේත් ඒ කෑම කාලා ඒවා අස්කලා.ඇගට දැනෙන වේදනාව නිසාම සේයෝන් සෝෆා එකේ ඔලුව තියන් ලාවට ඇස් වහගෙන හිටියේ.මේ වෙලේ ටේහියූන් සේයෝන්ගේ වටේ කැරකී කැරකී සේයෝන්ට කතාකරන්න උත්සාහ කලා.
🐯අනෙ මගේ බබා නිදියන් ඉන්නකොට තවත් ලස්සනයි.
එහෙම හිතපු ටේ ඊටපස්සේ සේයෝන්ගේ එහාපැත්තේන් වාඩිවුනා.වාඩිවෙලා හිමින් සැරේ සේයෝන්ගේ මූනට වැටිලා තිබුනු කොන්ඩේ එයාගේ ඇගිල්ලකින් එහාට කලා.ඒකට සේයෝන් හිමින් ඇස් ඇරලා ටේ දිහා බැලුවා.ඒත් ටේ ඒක දැක්කේ නෑ.ටේ ආයෙත් සේයෝන්ගේ අත් දෙක දිහා බලලා එයාගේ අත් වලින් සේයෝන්ගේ අත් අල්ලන්න ගිය ගමන්ම කෙල්ල කතකලා.
🦄නිදි නැද්ද තාම??
🐯නෑ
සේයෝන් දැක්ක ඒ වෙලේ ටේ ඇස්වල කදුලු තිබුනා.
🦄ඒයි..මොකො ඔය ඇස්වල කදුලු ??
ටේ ඉක්මනට අහක බලාගෙන කදුලු පිහිදගත්තා.
🐯මුකුත් නෑ.
🦄එහෙනම් පිස්සුද නිකන් අඩන්නේ අහ්හ්?
🐯ඔයාට අමාරු නෑනේද?
🦄නෑ මං හොදින්.
ආපහු ටේ මූන අවුල් කරගෙන අඩන ගමන් කිව්වා.
🐯මං ඔයාට වදදෙන නිසානේ බබා ඔහොම ලෙඩ වුනේ?මට සමාවෙන්න
🦄අහ්හ්හ් මේ මනුස්සයගෙනම් ඔලුව හොදම නෑ.විකාරද එහෙම එකක් නෑ.
🐯එහෙනම් ඇයි මේ හදිසියේ අසනීප වුනේ?
🦄මාසෙකට සැරයක් මෙහෙම වෙනවා.ඒක ඔයාගේ අවුලක් නිසා නෙමෙයි වුනේ
🐯ඒත් මට දුකයි.....😥😥
🦄ගිහින් නිදීගන්න.මට ටිකක් මෙහෙම ඉන්න දීලා.
🐯හරි
ටේ කදුලු කන්නඩිය අයින් කරලා පිහිදගෙන යන්න නැගිටිද්දිම සේයෝන් ටේගේ අතින් අල්ලල නතර කලා
🦄ඉන්න.මට නින්ද යනකන් මගේ ඔලුව් ටිකක් අතගාන්න.
🐯හොදයි.ඔයා ඒකට ආසනම් මං කරන්නම් බබා
![](https://img.wattpad.com/cover/328049651-288-k319754.jpg)
YOU ARE READING
Replacement [KTH FF] 🔞
Fanfiction"මට සමාවෙන්න ටේහියූන්.මං ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ" "දැන් ඒවා අමතක කරන්න බබා." "මාව කවදාවත් අතාරින්නෑ නේද ??" "නෑ.කවදාවත් නෑ."