chapter 14💜️

295 42 2
                                    

හෙට තමා ටේගෙයි සේයෝන්ගෙයි ඇනිවසරි එක.කොල්ලා කලින්ම සේයෝන්ට තෑග්ගක් ගෙනල්ලා තිබුනා.ඉතින් කොහොමහරි වෙලාව ගෙවිලා ගිහින් රෑ වුනා.ටේ වගේම සේයෝනුත් ඉක්මනට නිදීගත්තේ එලාම් එක 11:45ට තියලා.ටේ එයාගේ ෆෝන් එකේ එලාම් එක තිබ්බා.සේයෝන් එයාගේ ෆෝන් එකේ තිබ්බා.ඊටපස්සේ ඔන්න ඉතින් හරියටම ඒ වෙලාවට දෙන්නගෙම එලාම වැදුනා.මේ වෙලා ටේ එයාහිටපු පැත්තෙන් ඇදෙන් බිමට බැහැලා දිව්වා.සේයෝනුත් එයා ඉන්න පැත්තෙන් බැහැලා දිව්වා.සේයෝන් කේක් එක හදලාමයි තිබ්බේ.ඒ නිසා කෙල්ල කේක් එකට ඉට්පන්දනුත් ගහගෙන ටේගේ ගිෆ්ට් එකත් අරන් බැල්කනී එකට ආවා.ඒ එනකොටත් ටේ එතන හිටියා.මේ දවස මෙයාලට වගේම මෙයාලගේ ජීවිත වලටත් ගොඩාක් වැදගත් දවසක් වුනා.
වෙලාව එකොලහයි පනස් අටයි.කේක් එක තියලා දෙන්න ටේබල් එක දෙපැත්තේ හිටගෙන එයාලගේ ඇස් දිහා බලන් හිටියා.

🐯හරි වෙලාව...

🦄one two three

දෙන්නම එකපාරම පිම්බා කැන්ඩ්ල්ස් වලට.ඊටපස්සේ ටේ ආවා සේයෝන්ගේ පිටිපස්සට ඇවිත් දෙන්නත් එක්කම කේක් එක කැපුවා.කපලා ඉවර වෙලා මුලින්ම ටේ සේයෝන්ට කේක් කැව්වා.

🐯happy anniversary bbh 😍

🦄happy anniversary taehyung 😍

සේයෝනුත් ඊලගට ටේට කැව්වා.ඊටපස්සේ දෙන්නම කිස් කරන්න ගත්තා.ටික වෙලාවක් කිස් කලාට පස්සේ සේයෝන් මුලින්ම එයාගෙ ගිෆ්ට් එක ටේට දුන්නා.ටේ ඒක අතට අරගෙන,

🐯මං මේ තෑග්ග ගන්නේ නොගෙන් බැරුකමට බබා,මොකද ඒකෙන් මගේ බබාගේ හිත රිදෙන නිසා.අහ්හ්හ් මං කොතනින්ද පටන්ගන්නේ.බබා ස්තූතියි මගේ ජීවිතේට ඇවිත් පිස්සෙක් වගේ හිටපු මාව මනුස්සයෙක් කලාට.මුලින් මට බැන්නත් ඔයාගේ ඒ බැනුම් වලටම තමා මං ආදරේ කලා.මං දන්නවා කවුද කැමති මං වගේ පිස්සෙක්ව බදින්න.ඒත් ඔයා මගේ අසනීපේ හොද වෙනකන් හරි මාත් එක්ක ඉන්න හිත හදාගත්තා.

🦄ඒ කියන්නේ මට දැන් යන්න ඕනේ කියලද?

සේයෝන් ඇස් වල කදුලු පුරෝගෙන ටේ දිහා බලන් ඇහුවා.

🐯අනේ මැණික මොනවද මේ කියන්නේ?මට හොදටම හොද වුනත් මං මගේ බබාව වෙන කිසිම කෙනෙක්ට දෙන්නෑ.ඔයා යන්න හැදුවත් මං යන්න දෙන්නෑ තේරුනාද කෝ දැන් අඩන්න එපා.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now