" ඔප්පා හොදට වැඩේ කරන්න ඕනෙ තේරුණාද ටේයො එතන ඔක්කොම රෙඩී කරලා තියන්නෙ..."
" ඔයාලා දෙන්නා මේ කරන වැඩ වලින් මට ගුටි කන්න වෙනවා දැන්..."
" පිස්සුද අනේ ඔය වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් මූණ බලාගෙන ජීහා ඔන්නි කොහොමද ඔයාට ගුටි දෙන්නෙ..."
" ඔයාට හොදටම ශුවර්ද මේක ගැන..."
" ඔව් ඔව් අනේ ටේයො එතන ඇති ඔප්පා දැන් යන්න මං ඔන්නිව එක්කන් එන්නම්. ටේයො එක්ක තරහ වෙලා ඉන්න එපා හොදේ දැන් ඇති දෙන්නා බුම්මන් හිටියා.."
" මම නෙමෙයි ඌ නෙ මං එක්ක කතා කරන් නැත්තෙ..."
" හරි හරි ඕවා පස්සෙ විසදගමු මුලින් පවුල් ජීවිතේ හදාගෙන ඉන්නකො කෝ කෝ යන්න යන්න..."
ජින්ව කා එකට බලෙන්ම තල්ලු කරලා දොර වහපු හාරු ඉනට අත් දෙක තියාගෙන බර හුස්මක් නිදහස් කරේ මිශන් එකේ එක කොටසක් ඉවර කරපු නිසා මේ වඩේට ජින්ව කැමති කරගන්න කෙල්ල වැන්දෙ නැති ටික විතරයි සරලවම කිව්වොත් හාරු ජින්ව බ්ලැක්මේල් කරා එයාගෙ හිතේ තියන දේ ජින් කැමැත්තෙන් කිව්වෙ නැත්තම් එයා ජීහට කියනවා කියලා කෙල්ලගෙ කට ගැන දන්න නිසා ජින් වැඩේට එකග වුණා...
💬 📱
" ජින් ඔප්පා මෙහෙන් පිටත් වුණා මං ඔන්නි එක්කන් ඉක්මනින් එන්නම් ඔයා ඔප්පා ගැන බලාගන්න..."ටේ ට මැසේජ් එකක් දාලා ලොකු හුස්මක් අරන් හිතට ශක්තිය ගත්ත කෙල්ල කා පාක් එකේ ඉදන් ආයෙ හොටෙල් එකට දුවන් ගියෙ ජීහාව හම්බෙන්න....
" Fighting හාරු ඔයාට පුළුවන්..."
තමන්ටම කියාගෙන කෙල්ල ඩෝ බෙල් එක ගැහුවා....
" රූ ඔයා මොකෝ මේ රෑ වෙලා...."
" ඔන්නි විනාඩියක් දෙන්නම් ඉක්මන්ට ලෑස්‍ති වෙලා එන්න ..."
" මට බෑ ඔයාට පිස්සුද මේ රෑ කොහෙ යන්නද..."
" යාහ් ඔන්නි ජින් ඔප්පා ගැන දෙයක් ඉක්මන්ට එන්න හැබැයි පස්සෙ පසුතැවෙන්න වෙයි ගියෙ නැත්තම්..."
කෙල්ල සාර්ථක ලෙස රංගනයේ යෙදෙද්දි ජීහා බය වුණා...
" ඇයි ජින්ට මොකද "
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanfictionදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤