" හොබී මං ඇදුමක් දාන් එන්නම් ගිහින් දොර අරින්න..."
ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරන් කෙල්ල බාත් රූම් එකට යද්දි හොබී ගියෙ කවුද ආවෙ කියලා බලන්න......
" ඔම්මා...."
දොර ඇරපු හොබී දැක්කෙ තමන් ඉස්සරහ හිටන් ඉන්න මිසිස් පාක්ව....
" පුතා මට පොඩි දෙයක් කියන්න තියනවා.."
"ඇතුළට එන්න ඔම්මා ..."
මිසිස් පාක් එක්කම හොබිත් ඇතුළට ආවා..
" පුතා මට ආයෙත් යන්න ඕනෙ..."
" කොහෙද ඔම්මා.."
" දැන් සොකී දුවට සේහොගෙ වැඩ තනියෙන් කරගන්න තේරෙනවනෙ අනික හාරුත් උදව්වට ඉන්නවනෙ ඒ නිසා මං බැලුවෙ ආපහු ඇමරිකා යන්න මම මග දාලා ආපු වැඩ ගොඩක් තියනවා..."
ඒ කතාව අහන් හිටපු හොබීගෙ මූණ අදුරු වෙලා යන විදිහ දැකපු මිසිස් පාක් කොල්ලගෙ ඔළුව අතගෑවා...
" හෝසොකී දැන් ඔයා අප්පා කෙනෙක් ඉස්සර වගේ නෙමෙයි වගකීම් වැඩියි හැමදේම බැලන්ස් එකේ කරන් යන්න පුතා අපේ ජිමිනි ගැන පොඩ්ඩක් බලන්න මට දුක මගේ ජිමිනි ගැන "
" හරි ඔම්මා ඒත් ඔයාට යන්නම ඕනෙද ඇයි අපි එක්ක ඉන්න බැරි..."
" මම එහෙ වැඩ ටික ඉවර කරලා ආපහු ඉක්මනින්ම එනවා පුතා..."
" ඒ ආවහම නම් ආයෙ යන්න තියා හිතන්නවත් එපා හරිද..."
බොරු තරහක් මවාගත්ත හොබී මිසිස් පාක්ව වැළද ගද්දි මිසිස් පාක් කොල්ලගෙ ඔළුව අතගෑවා...
" පොරොන්දු වෙන්නම් "
හොබීගෙන් ඈත් වුණ මිසිස් පාක් කොට් එකේ නිදාගෙන ඉන්න සේහො ලගට ගිහින් කොල්ලගෙ නලලින් හාදුවක් තිබ්බා...
" හැල්මොනි ඉක්මනින් එන්නම් මැණික ආයෙ එද්දි ඔයා ගොඩක් ලොකු වෙලා ඉන්න ඕන තේරුණාද මගෙ දගයො.."
" අනේ ඔම්මා ඔයාද ආවෙ..."
බාත් රූම් එකේ ඉදන් එලියට එන ගමන් සොකී ඇහුවා..
" ඔව් දුව හොබීට කතා කරන්න ආවා ඔයාලා නිදාගන්න එහෙනම් මං යනවා ඇදුම් ටික ලෑස්ති කරගන්න..."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanficදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤