" යුන්ගි ඔප්පගෙ මල්ලි නිසා ජන්කුක් හොදයිනම් ටේහ්යුන් හොද නෑ කියන්නෙ කොහොමද රූ...."
" ඔම්මා...."
කෙල්ල මිසිස් කිම් දිහාට ප්රශ්නාර්ථ බැල්මක් දැම්මෙ කියන කිසි දෙයක් තේරෙන්නෙ නැති නිසා ........
" ඔහොම බලන්න එපා ළමයො..."
" මට ඔම්මා කියන කතාව තේරෙන් නෑ.."
" ඔයාට හැමදේම තේරෙයි පස්සෙ එතකන් කිසිම දේකට හදිස්සි නොවී ඉන්නකො මගෙ හොද කෙල්ල වගේ කෝ දැන් ඇවිත් මේ සැලඩ් එක හදන්න මං කියන විදිහට..."
මිසිස් පාක් කර කර හිටපු වැඩ වලට අවධානය දෙද්දි හාරුත් කල්පනා කරන ගමන්ම ඔම්මට උදව් කරන්න ගත්තා...
තනි කළු පැහැති ෆුල් සූට් එකට සුදුපාට ශර්ට් එක යට කරලා ඇදලා SJ කම්පැනි එකට එන මේ හැන්ඩ්සම් බොස්ලා දෙන්නා දිහා වටා පිටාවෙ ඉන්න අය බලන් හිටියෙ ඇස් කටේ දාගෙන ......
" හ්යොන් ඔයා ඒක දැක්කද..."
පිටිපස්සෙන් ආපු ජන්කුක් ඉස්සරහින් ඇවිදන් යන නැම්ජූන්ට කිට්ටු වෙන ගමන් කතා කරා....
" මොකද්ද කුකී..."
" එයාලා ඔයා දිහා බලනවා...අපරාදෙ ජූලි නූනා ඉන්න තිබ්බෙ..."
ජන්කුක් හොර පූසා වගේ හිමින් කියද්දි නැම්ජූන් යන ගමන නතර කරා නෙමෙයි ඉබේම නතර වුණා...
" යාහ් ජන්කුකා පිස්සු කතා කරන්න එපා.."
නැම්ජූන් බය වෙලා වගේ කියද්දි ජන්කුක් එයාගෙ බනී හිනාව දාන්න පටන් ගත්තා..
" මොකද හිනා වෙන්නෙ.."
" නෑ ඉතින් හ්යොන්ව බය කරන්න පුළුවන් එකම එක්කෙනා ජූලි නූනා විතරයි බලන්නකො නම කිව්වත් හ්යොන්ට මරණ බය දැනෙනවා..."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanfictionදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤