හාරුව පැත්තකට ඇදලා ගත්ත ගෑණු ළමයා කතා කරද්දි බය වුණ හිත සන්සුන් කරගන්න උත්සහ කරමින් හිටපු හාරු ඒ දිහා බැලුවා හාරුගෙ හඩට ටේහ්‍යුන් එතනට එන්න හැදුවත් කෙල්ලව අල්ලන් ඉන්න කෙනා දැකපු ටේ එතනම ගල් ගැහුනා...
" පරිස්සමින් පාරෙ යන්න ළමයො මං ගිහින් එන්නම්..."
එහෙම කියපු ගෑණු ළමයා හාරුගෙ කොණ්ඩෙ ටිකක් අවුස්සලා එතනින් යන්න ගියා ඒත් එක්කම හරි සිහියට ආපු ටේහ්‍යුන් ඉක්මනින් හාරු ළගට දුවන් ආවා...
" ඩෝල් මොකද වුණේ ඔයාට තුවාලද කෝ බලන්න..."
කොල්ලා කෙල්ලව වටේ හරව හරව බලද්දි තමයි දැක්කෙ දණහිස ළග තුවාල වෙලා ලේ ගලන බව කෙල්ලගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා ඇස්දෙකම කදුළුවලින් වැහිලා ගිහින්....
" එන්නකො ...."
නොහිතපු විදිහට ටේහ්‍යුන් හාරුව අත් අතරට ගද්දි කෙල්ල පාර කියලා බලන්නෙ නැතුව ගිරියෙන් කෑගහන්න ගත්තෙ තුවාලෙ වේදනාවත් මොහොතකට අමතක කරලා....
" අනේ මාව බිමින් තියනවා යාහ්...කිම් ටේහ්‍යුන් මිනිස්සු බලන් ඉන්නවා ලැජ්ජ නැද්ද තමුසෙට..."
හාරු කොච්චර කෑගැහුවත් කොල්ලා නෙමෙයි ගනන් ගත්තෙ වට පිටාවෙ හිටපු මිනිස්සු මේ ෆිල්ම් එක දිහා ඇස් කටේ දාන් බලන් හිටියා ඒ අතරේ ටේහ්‍යුන්ගෙ රූපෙට පිස්සු වැටිලා හිටපු කෙල්ලො හූල්ලන්න ගත්තෙ ඉරිසියාවෙ උපරිමටම එද්දි.....
" අනේ දෙයියනේ මේ මහත්තයනෙ මං බැලුවා කවුද කියලා..."
" අජොස්සිට මාව මතකයි එහෙනම්..."
හාරුව පුටුවෙන් ඉදවපු ටේහ්‍යුන් හිනා වෙලා අයිස්ක්‍රම් කඩේ අයිතිකාර මහලු අජොස්සි එක්ක කතා කරා....
" නැතුව නැතුව මට මතකයි ඒත් මේ කවුද මහත්තයා අනේ දෙයියනේ නෝනෙගෙ කකුලෙන් ලේ එනවා..."
ඇස් වල කදුලු පුරෝගෙන තුවාල වුණ කකුල අතින් අල්ලගෙන අසරණව බලන් ඉන්න පුංචි හාරුව දකිද්දි අජොස්සිටත් දුක හිතුනා.....
" මේ මගේ වයිෆ් අජොස්සිට පුළුවන්ද මෙයාව ටිකක් බලාගන්න මං බෙහෙත් මොනාහරි අරන් එන්නම්..."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanficදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤