EPISODE 32🖤

591 65 29
                                    

" ගුඩ් මෝනින් බබා...."

" යාහ් රේචල් තමුසෙට පිස්සුද ..."

" මොකද අද පරක්කු මං කොච්චර වෙලා ඉදන් බලන් හිටියද..."

රේචල් ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් කියද්දි එක පාරට කැබින් එකේ දොර ඇරන් ඇතුළට ආවෙ හාරු......

" මේ මොන නාඩගමක්ද මේ..."

හාරුගෙ කටේ සද්දෙ මුළු කැබින් එකේම පැතිරිලා යද්දි රේචල් ටිකක් ගැස්සුනත් ඒ බව පෙන්නුවෙ නෑ මොකද හාරු වගේම රේචලුත් කැමති නෑ තමන් දුර්වල බව පිටට පෙන්නන්න ටේහ්‍යුන් නම් හිටියෙ හාරුගෙ තරහ ගිය මූණ දිහා බලාගෙන. ක්ෂනයකින් හිතට ආපු අදහසක් අනුව ටේහ්‍යුන් රේචල්ගෙ ඉනවටේ අත් යවලා ලගට ගත්තා......

" හාරු මීටින්ස් වලට අරන් යන්න ඕන ෆයිල් ටික ලෑස්ති කරගන්නවද.."

" මේ මොන විකාරයක්ද ඇත්තටම තමුසෙලා දෙන්නට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද.."

" අපි මොකටද ලැජ්ජාවෙන්නෙ ඔයයි ලැජ්ජාවෙන්න ඕනෙ මිස් හාරු ඔයාට කලින් ටේහ්‍යුන් මගේ වුණේ.."

රේචල් පැද්දි පැද්දි කියද්දි හාරු අමුතුවට හිනා වෙලා අහක බලාගත්තා ටේහ්‍යුන් නම් හිටියෙ කෙල්ලගෙ ඉරිසියාව දිහා බලාගෙන හිත යටින් සතුටු වෙන ගමන්....

" තමුසෙට ඔච්චරටම ටේහ්‍යුන් ව ඕනෙ වෙලා තිබ්බනම් ඇයි අප්පට කියලා ඉල්ල ගත්තෙ නැත්තෙ තමුසෙට ටේහ්‍යුන්ගෙ ඇගේ එල්ලෙන්න මැරි කරනකන්ම බලන් ඉන්න වුණාද තමුසෙලා වගේ ගෑණු නිසා අහිංසක කෙල්ලො කීයක්නම් අනාථ වෙලා ඇතිද සල්ලි පස්සෙ දුවන පිස්සු බැල්ලියො කියන්නෙ තමුසෙලා වගේ උන්ට...."

හාරු තමන්ගෙ වචන වලින් ඒ විදිහට රේචල්ට පහර දුන්නත් කෙල්ලගෙ ඇස් වල නලියන කදුලු බිංදු වලට හේතුව මොකද්ද කියන්න ටේහ්‍යුන්ටවත් තේරුම් ගන්න බෑ තමන් කරපු වැඩේ වැරදීදෝ කියන වරදකාරී හැගීම දැනෙද්දි ටේහ්‍යුන් රේචල්ගෙ ඉන වටේ තිබුණ තමන්ගෙ අත අහකට ගත්තා....

" බබා ඔයා මෙයා කියපුවා හිතන්න එපා කොහොමත් ඔයා මෙයාට ආදරේ නැති නිසා මෙයා ඉරිසියාවෙන් ඉන්නෙ "

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now