" මේ මොකද මෙතන වෙන්නෙ "
ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන වීඩියෝ එක තව තව උනන්දුවෙන් රිවයින් කර කර බලපු ටේහ්‍යුන් කලබලෙන් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා එළියට ගියා...
ටේහ්‍යුන් කෙලින්ම ගියෙ රේචල්ගෙ ටේබල් එක තියන තැනට ඒ වෙලාව ලන්ච් ටයිම් එක නිසා අහල පහල කිසිම කෙනෙක් පේන්න හිටියෙත් නෑ....
" බේබි ගර්ල්...."
එකපාරට කවුරු හරි පිටිපස්සෙන් බදාගනිද්දි රේචල් ගැස්සුනත් ඒ කටහඩ අදුරගන්න කෙල්ලට අමාරු වුණේ නෑ අතේ තිබුණ ෆයිල් එක ටේබල් එක උඩින් තියපු රේචල් හිනා වෙවී තවත් ඒ පපුවට හේත්තු වුණා.....
" ටේ...මොකෝ මේ කාලෙකින් මාව ඕනෙ වෙලා වගේ..."
" යෙස් බේබි ගර්ල් මට ඔයාව ගොඩක් ඕනෙ ඒත් දැන්ම නෙමෙයි මං ආවෙ දෙයක් කියන්න..."
රේචල්ගෙ උරහිස් දෙකට අත තියලා තමන්ගෙ පැත්තට හරවගත්ත ටේහ්‍යුන් හුස්ම වැදෙන ගානට කෙල්ලගෙ මූණට ලං වුණේ අමුතු හිනාවක් දාගෙන රේචලුත් ටේහ්‍යුන්ගෙ මේ හැසිරීමට ගොඩක් ආස වුණා හිමීට කොල්ලගෙ බෙල්ල වටේ අත දාගත්ත රේචල් ඒ තොල් වලට ලං වෙද්දිම ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සට අරන් කතා කරන්න ගත්තා.....
" නෝ බේබි නොට් යෙට්...මං ආවෙ දෙයක් කියන්න..."
" මොකද්ද ටේ..."
" මං කැමති ඔයා හාරුගෙන් ඈත් වෙලා ඉන්නවට මොකද ඒ ජිමින්ගෙ නංගි ජිමින්ව මට කොච්චර වටිනවද කියලා බේබි ගර්ල්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද ඉතින් හාරුගෙ හිත රිද්දන්න හිතන්නවත් එපා බේබි..."
ටේහ්‍යුන් සන්සුන් විදිහට කිව්වත් ඒ වචන වල තිබ්බ තර්ජනාත්මක බව රේචල්ට තේරුණා.....
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Hayran Kurguදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤