පැය කිහිපයක් ගත වෙලා ගියත් ටේහ්‍යුන් හිටියෙ හොස්පිටල් එකේ ICU රූම් එක් ඉස්සරහ කලබලෙන් එහෙට මෙහෙට ඇවිදින ගමන් මේ දිහා ටික වෙලාවක් බලන් හිටපු ජින් කොල්ලා ලගට කිට්ටු වුණා...
" ටේ කලබල වෙන්න එපා මල්ලි ඇවිත් වාඩි වෙන්න මෙතනින්..."
ජින් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලන් කිව්වත් කොල්ලා ඔලුව පාත් කරන් හිටියෙ ඇස් වල තියන කදුළු කිසිම කෙනෙක් දකිනවට අකමැති නිසා මොකද මේ වෙද්දිත් ජින් වගේම හොබී ජිමින් නැම්ජූන් ජීහා වගේම හාරුත් මේ දිහා බලන් හිටයා...
" හ්‍යො....න් අ...ප්පා...එ...ය..ත් මාව දා...ලා ය..යිද...මට බ...යයි හ්‍යො..න්"
කොයිතරම් හිත ශක්තිමත් කරන් ඉන්න උත්සහා කරත් ටේ ගෙ මේ හැසිරීම ජින්වත් දුර්වල කරද්දි කොල්ලා අඩාගෙන ටේහ්‍යුන්ව තුරුල් කරගත්තෙ තවත් දරාගෙන ඉන්න බැරිම තැන මොකද කිම් පවුලෙ වැඩිමහල් දරුවා විදිහට ටේහ්‍යුන්ටත් වඩා ජින් දුක් විදලා ඇති ....
" අඩන්න එපා ටේ ඔයා ඔහොම ඉද්දි මම කොහොමද මේ දේවල් දරාගන්නෙ මගේ හයිය ඔයා. ඔම්මා අපිව දාලා ගිය දවසෙ ඉදන් මං හැමදේම ඉවසුවෙ ඔයයි අප්පයි නිසා අප්පට මුකුත් වෙන්නෙ නෑ ටේ මාව විශ්වාස කරන්න ප්ලීස් ..."
කොල්ලො දෙන්නා දිහා බලන් හිටපු අනිත් සෙට් එකත් තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු බින්දු හිමීට පිහදාගත්තා...
" හ්‍යොන් අඩන්න එපා ඔයා අඩද්දි මට තවත් දුකයි ප්ලීස් හ්‍යොන් ..."
ජින්ගෙන් ඈත් වුණ ටේ කොල්ලගෙ ඇස් වල තියන කදුළු බිංදු පිහදාද්දි ජීහා ඇවිත් ජින්ගෙ අතේ එල්ලුනේ ඇස් වල කදුළු පුරෝගෙන ටේහ්‍යුන් ගාවට ආපු ජිමින් කොල්ලව එක්කගෙන ගිහින් ලග තිබුන පුටුවක වාඩි කරා...
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanficදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤