" උබ දන්නවද හාරුගෙ බඩේ උබේ ළමයා ඉන්නවා කියලා එහෙම තියෙද්දිත් උබ කොහොමද මේ කෙල්ලට අත ඉස්සුවෙ මිනිහො මේ කෙල්ල ප්රෙග්නට්...."
" ඔ..ඔප්පා ...."
ඒක ඇහුවා විතරයි ටේහ්යුන් එක පාරට ගල් වුණා කොල්ලට හිතාගන්න බෑ සතුටු වෙන්නද අඩන්නද කියලා හාරු දැක්කා ටේහ්යුන්ගෙ ඇස් වලින් එක දිගට කඩා හැලෙන කදුළු බින්දු...
" ටේහ්යුන් හොදටම ඇති උබ මෙහෙම එකෙක් කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ මම මගේ පන ටිකව උබට දුන්නෙ විශ්වාස කරලා අද උබ මගේ විශ්වාසෙ නැති කරලා දැම්මා දැන්ම මෙතනින් පලයන්..."
" ඔප්පා එපා ටේහ්යුන් ඔයා යන්න මං පස්සෙ කෝල් එකක් දෙන්නම්..."
ටේහ්යුන් ගෙ කදුළු දැක දැක හිතක් පපුවක් නැති ගානට ඉන්න බැරිම තැන හාරු කතා කරා මේ වෙලාවෙ ජිමින් ඉන්නෙත් හොද තත්වෙක නෙමෙයි කියලා කෙල්ලට තේරුණා...
" ටේහ්යුන් වැරැද්දක් කරේ නෑ චිමී මමයි මේ හැමදේටම වැරදි...."
ඒ හඩ ඇහෙද්දි තුන් දෙනාම රූම් එකේ දොර පැත්ත බැලුවත් ටේහ්යුන් හාරු දෙන්නටම වඩා ඒ කෙනාව දැකලා ශොක් වුණේ ජිමින්....
" ජියා ඔයා......"
" චිමී අයිම් සොරි මේ හැමදේටම වැරදිකාරි මම ඔයා ඒ ෆොටෝ දැක්කා කියලා මං දන්නවා ඒවගෙ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි මම..."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanficදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤