***********************************************
🐰 හියොන්ගි ඉක්මනට එන්නකො..... අටටත් ලගයි දැන්
බාතෲම් එක ඇතුලෙ හිටිය ටේහියොන්ට කෑ ගහන ගමන් දොරට තට්ටු කරන කුකී clothset එකේ තිබ්බ ටේගෙ ඇදුම් බෙඩ් එක උඩින් තියලා ඩ්‍රෙසින් ටේබල් එක ලගට ගියා.
සුදු ශර්ට් එකට කලු පාට කලිසම යටකරලා හිටිය කුකී කහ පාට කෝට් එක අරන් ඇදගෙන මිරර් එකෙන් තමන්ගෙ රූපෙ දිහ බැලුවා.කුකී ඉන්නෙ ගොඩක් සතුටින්.....
අද තමා කුකී high school යන පලවෙනි දවස....හෙයාර් අයන් එක අරන් ඩ්‍රයි කරපු කොන්ඩෙ කෑලි කෑලි අරන් අයන් කරපු කුකී නලල වැහෙන විදිහට කොන්ඩේ පාතට දැම්මා.ඩ්‍රෙසින් ටේබල් එකෙන් ලිප් බාම් එක අරන් රෝස තොල් වල හිමීට ගාගන්න ගමන් කුකී හරි ලස්සනට තමන් එක්කම හිනා උනා.
🐯 ඔච්චර හැඩ වෙන්න ඕන් නෑ...... මේ ලස්සන මම විතරක් දැක්කම ඇති
ලිප් බාම් එක ගාන ගමන් හිටිය කුකීව පිටිපස්සෙන් බදාගත්තු ටේ කුකීගෙ උරහිසෙන් නිකට තියන් කියද්දි නාපු නිසා ටේ ළඟ තිබ්බ සීතලට කුකීව හිරි වැටිලා ගියා.
🐰 ම්ම්හ්හ්හ් හියොන්ගි
ටේගෙ අත් වලින් ගැලවෙන්න චුට්ටක් දගලන ගමන් කුකී කිව්වෙ කුකීගෙ යුනිෆෝම් එක පොඩි වෙන නිසා උනත් ටේට අයින් වෙන්න කියලා කටින් කියන්න තරම් ශක්තියක් කුකීට තිබ්බෙ නෑ.
YOU ARE READING
••• || Blood Shot || •••
Werewolfඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...