- 11 කොටස -

1.2K 161 110
                                    

***********************************************

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


***********************************************


🐱 මොකක්.......ඒ කියන්නෙ කුකී උබ එක්ක එන්න කැමති උනාද
🐯 ඔව්.......
🐱 ඒත් බන්.......අපි මේක කරන්න කලින් හියොන්ග්ලාට කියලා හිටියොත් නරකද
🐯 හියොන්ග්ලාට පැහැදිලි කර කර ඉන්න වෙලා නෑ යුන්ගි....උඹ දන්නවද කූගෙ අප්පා කූව බන්දලා දෙන්න හදන වනචරයා මගෙ අහිංසකයාව හග් කරලා....ඒ මදිවට................

ටේහියොන් කේන්තියෙන් දත්මිටි කනගමන් කියද්දි යුන්ගි ටේහියොන්ගෙ කරට අත තිබ්බා.

🐱 හරි මට කියපන්කො අපි කොහොමද කුකීව ගේන්නෙ
🐯 මට ඒ පැක් එකට යන්න බෑ......කුකීට එයාගෙ අප්පා නැති වෙලාවක් බලලා පැක් එකේ සීමාව ලගට එන්න කියනවා. ඉතුරු ටික මට බලාගන්න පුලුවන්
🐱 එතකොට එයාව ගේන්නෙ කොහාටද
🐯 අපේ මාළිගාවට....... ජින් හියොන්ග් උනත් අකමැති වෙන එකක් නෑ....මොකද ජිමින් කිව්ව විදිහට ඒ නාකි මනුස්සයාව බදිනවට ජින් හියොන්ග් කැමති නැතුව ඇති.

බ්ලූ මූන් මාලිගාවට ගියාට පස්සෙ ජිමින් යුන්ගිට කෝල් කරලා කුකීගෙ වෙඩින් එක ගැන , කුකී මැරි කරන්න ඉන්න මනුස්සයා ගැන හැමදේම කිව්ව නිසා ටේහියොන් දැනන් හිටියා ඒ මනුස්සයා ගොඩක් වයස කෙනෙක් කියලා.

🐱 ආශ්........ කුකීගෙ අප්පා මොන වගේ මනුස්සයෙක්ද......ඒ වගේ අහිංකයෙක්ට නාකියෙක් ගැලපෙනවද
🐯 පැක් එකේ නායකයා වගේම ඇතිනෙ අනික් උනුත්

ටේහියොන් සරදම් හිනාවකින් කියද්දි යුන්ගි ටේහියොන්ගෙ මූණ දිහා බැලුවා.

🐱 සොන්වුක් ගැනද කියන්නෙ
🐯 ඔව් ඒ පරයා තමා........ අපේ උන් මොකද කියන්නෙ අලුත් තොරතුරක් හොයාගන්න බැරි උනාද
🐱 මට පොඩි ඉන්ෆොමේෂන් වගයක් හම්බෙලා තියෙන්නෙ ඔහොම ඉදපන්කෝ......කම්ෆෝම් කරගත්තාම කියන්නම්

••• || Blood Shot || •••Onde histórias criam vida. Descubra agora