Chapter 03

137 6 4
                                    

මගේ අම්මා නිවසින් පිටව යාමෙන් අනතුරු ව මම ස්නානය අවසන් කර නාන කාමරයෙන් පිටතට පැමිණියෙමි. ටවල් එකක් පමණක් හැඳ සිටි නිසාවෙන් එක් වර පැමිණි සුළං රැල්ලකින් මුළු ගත ම වෙව්ලා ගියේ ය.


මම හෙමින් සීරුවේ අම්මාගේ කාමරයේ වූ අල්මාරියේ ලාච්චුවෙන් හිසකෙස් වියළනය පිටතට ගතිමි. අන් දිනවල දී නම් මා එය භාවිතා නො කරන්නේ එය ලඳ බොළඳ ක්‍රියාවක් ලෙස සිතූ බැවිනි. නමුත් ශීතල ස්නාන‍යකින් අනතුරු ව උණුසුම් වායු ධාරාවන්ගෙන් හිසකෙස් මඳින් මද වියලෙන විට දැනෙනා සැප පහසු හැඟීමට මම බෙහෙවින් ආශා කළෙමි.


හිසකෙස් වියළනය ඉහළ මහලේ වූ මගේ කාමරයට රැගෙන ගොස් මම එය ක්‍රියාත්මක කළෙමි. මම සුවපහසු ලෙස මගේ විශාල ඇඳෙහි අසුන් ගෙන ඒ උණුසුම් වායු ධාරාවන්ගෙන් මගේ හිසකෙස් වියළා ගතිමි. 


මගේ කාමරය තිබූයේ නිවසේ දෙවන මහලේයි. එහි පසෙකින් විසල් ජනේලයක් වූ අතර එහි ග්‍රිල් යොදා නො තිබූ අතර මම නිතර ම එය විවර කර තැබීමට කටයුතු කළෙමි. ඇතැම් උණුසුම් රාත්‍රීන්වල දී පවා එය වැසීමට කටයුතු නො කළේ දෙවන මහලේ තිබූ බැවින් එතුළින් කිසිවෙකුටත් ඇතුළු වීමට නො හැකි බැවිනි. එය තුළින් තවත් නිවෙස් කිහිපයක වහලවල් හා තුරු මුදුන් කිහිපයක් දර්ශනය විය. සවස් කාලයේ දී නම් එය අයස්කාන්ත දර්ශනයකි.


මගේ කාමරය එතරම් විශාල නො වු නමුත් සැප පහසු කාමරයකි. එහි ජනේලයට පසෙකින් මගේ සුවපහසු ඇඳ තබා තිබූ අතර අළු පැහැති ඇඳ ඇතිරිල්ලකින් එය වැසී පැවතිණි. ජනේලයට විරුද්ධ පසින් මගේ ලියන මේසය තබා තිබූ අතර එහි මනා පිළිවෙලකින් යුක්ත ව මගේ පොත් පත් සියල්ල අසුරා තබා ගතිමි. එයට පසෙකින් කුඩා අල්මාරියක මගේ ඇඳුම් පැළඳුම් තබා ගතිමි.


හිසකෙස් වියළා ගැනීමෙන් අනතුරු ව ඇඳුමක් ඇඟලා ගැනීම උදෙසා මම අල්මාරිය විවර කළෙමි. නමුත් එක් වර ම පහත මාලයෙන් කිසියම් හඬක් නැගෙනු මගේ සවන් වැකිණි.



ඔහ්!!! එය කුමක් විය හැකි ද??? 

පැහැරගැනීම [ Black Tiger 1 ]Where stories live. Discover now