ඒ වන විට එම ස්ථානය පොලීසිය විසින් වට කර තිබිණි. එහි වූ බොහෝ දෙනා දෑත් ඔසවා යටත් වූ බව ඇඟවූහ. සෙස්සෝ නැඟිට ගත නො හැකි ව පොළව මත ම තුවාල ලබා වැතිර උන්හ. නැඟිටගත හැකි වූ සියල්ලෝ ම අතඩංගුවට ගෙන මාංචු දමා පොලිස් ජීප් රථවලට නංවා ගනු ලැබිණි. ඔවුන් සමඟ ආයුධ සන්නද්ධ පොලිස් නිළධාරීන් රැසක් ද එහි විය.
එම ස්ථානයෙහි වූ අනෙකුත් තුවාල ලැබූ පිරිස ගිලන් රථවලට නංවා ගනු ලැබිණි. එසේ ම එහි වූ හෙදියක් මාගේ දෑතෙහි වූ කැපුම් තුවාලවල බෙහෙත් ගල්වන්නට වූවා ය. ඉන්පසු පිරිසිදු වෙළුම් පටියකින් තුවාලය ආවරණය කරන ලදී. ඒ අතරතුර එම ව්‍යාපාරයේ ප්‍රධානියා පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට මැදි ව මාංචු සහිත ව රැගෙන ගියේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ය. ඔහු පොලිස් නිළධාරීන්ගේ ග්‍රහණයෙන් මිදීමේ නිෂ්පල උත්සාහයක නිරත වෙමින් මා දෙසට මාරාන්තික බැල්මක් හෙළුවේ ය. මම ද ඔහු වෙතින් දෑස් ඉවතට ගත්තේ නැත. ඔහු නංවාගත් ජීප් රථය එසැනින්ම වාගේ පොලිස් ස්ථානය කරා පිටත් වූයේ පොලිස් නිළධාරීන් රැසක් පිරිවරාගෙන ය.
එහි වූ සියල්ලන් ම ජීප් රථ මඟින් ළඟ ම පොලිස් ස්‍ථානයට රැගෙන යාමෙන් අනතුරු ව එහි වූ රාජකාරිය බොහෝ දුරට අවසන් වී තිබිණි. එහි වූයේ එම ස්ථානයේ වූ සාක්ෂි එක් රැස් කරගැනීම පමණි. පොලිස් පරීක්ෂකයන් එම කාර්‍ය්‍යය් සිදු කරනා අතරතුර මම BLACK TIGER කොහේ දැයි සොයා බැළුවෙමි. ඔහු සිටියේ පිට ව යාමට සූදානමිනි. ඔහු මේ වන විටත් සිටියේ මුහුණු ආවරණය සමඟිනි. මා හට ඔහුගේ මුහුණ දැක බලා ගැනීමට නො තින් ආශාවක් වූවත් ඔහු නම් තම අන්න්‍යතාවය අනෙක් පුද්ගලයන් හට හෙළි කිරීමට කැමති නො වූ අයුරකි. එසේ ම පුදුමයට කරුණ වූයේ ඔහුට කොටියෙකුගේ වන් වළිගයක් තිබීමයි. මා හට සිතුණේ එය ඔහුගේ ඇඳුමට ම සවිකර තිබූවක් බවයි. ඒ සටන්වල දී සමබරතාව ය රැක ගැනීම උදෙසායි.