Chapter 22

44 6 2
                                    

පොලිස් නිළධාරීන් සාක්ෂි එකතු කරමින් හා එම ස්ථානයේ ඡායාරූප ගනිමින් උන් අතර මම ද ඔවුන් අසළට ම වී සිටියෙමි. මම වනයේ ඇතුළතින් ම වාගේ වූ ආයුධ කිහිපයක් පොලිස් පර්‍ර්ක්ෂකවරයා හට පෙන්වූ විට ඔහු එය කරා ළඟා වීමට උත්සහ දැරීය.


එය තිබූයේ කුඩා පඳුරු ගොන්නක් තුළ වූ අතර මම ඔහුට උපකාර කිරීමට ඔහු අසළට ළඟා වූයෙමි. මම එම පඳුරු ගොන්න ඈත්කර ඉඩක් පාදා ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. එහෙයින් මම එම ගස්ගොන්න වැරෙන් දෙපසට අදින අතරතුර පොලිස් කොස්තාපල්වරයෙක් එ තුළට ගොස් දිගු ලී කැබැල්ලකින් මාර්ගය පාදා ගන්නට වූයේ ය.


" ආහ්.... ඔතනින් අයින් වෙන්න!!!! "


ඔහුගේ හඬින් මම වෙනතකට පැන්නෙමි. නමුත් මා ප්‍රමාද වැඩි විය. මාගේ වළළුකර දෙසින් දැඩි වේදනාවක් ඇති විය. මම ඒ කුමක්දැයි බැලීමට උත්සහ කළෙමි.


" එහාට වෙන්න... නයෙක්!!! "



Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.





දැඩි වේදනාවක් මාගේ ශරීරය පුරාවට ම ගලාගෙන ගියේ ය. මම එලෙසින් ම පොළව මතට පහත් වූයෙමි. මගේ හෘදය බියෙන් සැළෙන හඬ මා හට ම ශ්‍රවනය විය. ඒ අතරතුර අඩවන් වූ ඇසිපිය අතරින් මා වෙත සෙස්සෝ දිව එනු දර්ෂණය විය. මම දෑස් හැර තබා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර මගේ මුවින් කෙඳිරියක් පිටවිය.


" දිව්‍යා... " 


පැහැරගැනීම [ Black Tiger 1 ]Onde histórias criam vida. Descubra agora