Chapter 09

58 5 4
                                    

" ඇයි? "



" ප්‍රශ්න අහන්න එපා! එන්න මෙතනට!!! "


මම අන්දමන්ද වූ ආකාරයෙන් ඇය අසළට පියමැන්නෙමි. ඇය සිටගෙන සිටියේ කුටියේ මධ්‍යට වන්නට ය.


" මට බර උස්සන්න පුළුවන්."


ඇය මගේ ශක්තිය අවතක්සේරු කළේ යැයි හැඟුණු බැවින් මම අමනාපයට පත් වූ හඬින් පැවසූවෙමි. නමුත් ඇය එය තැකීමක් කළේ නැත.


" එහෙනම් මාව වහළය ළඟට උස්සන්න."


මම ඇය කිරීමට යන දෙය ඉවෙන් මෙන් තේරුම් ගතිමි. වහළයට නැඟ පැන යන්න. කදිම සැළසුමක්! මම ඇය ව වහළය ආසන්නයට එසවූයෙමි. ඇය කොහෙත් ම මා සිතූ තරම් බර නම් නැත. පුළුන් රොදක් මෙන් සැහැල්ලු ඇය පිම්මක් පැන වහලයේ මැද ලීයේ එනම් බාල්කයේ එල්ලුණා ය.



ඉන්පසු ඇය තම පාසල් නිල ඇඳුමේ සාක්කුවකින් කුඩා කිණිස්සක් ගත් ඇය එයින් වහලයේ ඇස්බැස්ටෝස් තහඩු සම්බන්ධ කර තිබූ ඇණ එකින් එක ගළවන්නට වූවා ය. ඇය එම කාර්‍යය ඉටු කළේ ඉතාමත් හුරුබුහුටි ලෙස ය. ඇය බිමට දමන බෝල්ට් ඇණ බිමට වැටී හඬ නො නඟනු පිණිස ගුවනේදී ම අල්ලා ගත්තෙමි. ඇය ඒ මේ අත දිව යමින් පරාල මත එල්ලෙමින් අවසානයේ දී තම කාර්‍යය අවසන් කර මා වෙත තෘප්තිමත් බැල්මක් හෙළුවා ය. 



" ඉවරද? "


මම ඉහළ බළමින් විමසූවෙමි. එවිට ඇගේ ධවල පැහැ නග්න දෙපා මා හට දර්ශනය වූ අතර මාගේ වාසනාවකට හෝ අවාසනාවකට ඇය පාසල් ගවොමට යටින් කළු පැහැ ශෝට් එකක් හැඳ සිටියා ය. ඇගේ මුහුණ අව්වට පිළිස්සී දුඹුරු පැහැ ගැන් වී තිබුණ ද ඇයගේ සැබෑ පැහැය ඇයට මනාව ගැලපුණි යැයි මට සිතිණි.


" හරි ඉවරයි. "


ඇගේ හඬින් මම නැවතත් පියවි සිහියට පත් ව ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ ඒ මොහොතේ දී මා කල්පනා කරමින් සිටි දෑ සිහියට නැඟීමෙන් පසුවයි.

පැහැරගැනීම [ Black Tiger 1 ]Tahanan ng mga kuwento. Tumuklas ngayon