තේහ්යොන්ග් බලාපොරොත්තු උනා වගේම එයාගේ ඩැඩ් ජෙට් එකක් චාට'ඩ් කරලා තිබ්බා. තමන්ගේ ඩැඩ්ගේ ගණන් කරලා ඉවර කරන්න බැරි සේසත එයාගේ ජීවිතේ ගොඩක් ලේසි කරනවා කියලා තේහ්යොන්ග් දැනගෙන හිටියත් එයා ඒ සල්ලි බලෙන් හිතුවක්කාර චරිතයක් බවට පත් උනේ නෑ. ඩැඩ් ජෙට් එකට නැගපු වෙලේ ඉදන් එයාගේ බිස්නස් වැඩක යෙදෙනකොට තේහ්යොන්ග් එළියේ පේන වලාකුලු දිහා බලන් කල්පනා කරන්න පටන් ගත්තා.
එයාගේ ඩැඩ්ට තාලයකට අත්පුඩියවක් ගහගන්න බැරි උනාට තේහ්යොන්ග්ට උපතින්ම ලස්සනට සින්දු කියන්න පුලුවන් උනා. එයාගේ ඒ හැකියාව එයාගේ අනිත් දෙමාපියාගෙන් හම්බෙන්න ඇති කියලා තේහ්යොන්ග් හැමවෙලේම හිතුවත් එයා කවදාවත් අනිත් දෙමාපියා ගැන කාගෙන්වත් ඇහුවේ නෑ. එයාගේ ඩැඩ් කියපු විදිහට නම්ජූන්ගේ ආදරේ විතරක් තේහ්යොන්ග්ට ඇති උනා.
තේහ්යොන්ග් පොඩි කාලේ ඉදලම සංගීතය ඉගෙන ගත්තත් එයාට ඒකට ආසාවක් ඇති උනේ ස්කූල් කොන්සර්ට් වල ස්ටේජ් එකක සින්දු කියන්න ගත්තට පස්සේ. ස්ටේජ් එකේ ඉන්නකොට ප්රේක්ශකාගාරේ අත්පොලසන් මැද එයා සින්ග් කරලා ඉවර වෙද්දි එයාගේ හිතට එන සතුට හා ඇස් වලට පේන් ප්රියමනාප දර්ශනය හන්දා තේහ්යොන්ග් සංගීතය එයාගේ ඉදිරි ගමනට තෝරගත්තා. ඒත් අයිඩොල් කෙනෙක් වෙන්න එයාගේ ආසාව ඇති උනේ එයා පළවෙනි ස්ටේඩියම් කොන්සර්ට් එකට ගියාට පස්සේ.
අහම්බෙන් වගේ එයාගේ ස්කෝලේ යාලුවෙක් එක්ක තේහ්යොන්ග් කොරියානු පොප් සංගීත තරුවක් උන කිම් සොක්ජින් හෙවත් ජින්ගේ ස්ටේඩියම් කොන්සර්ට් එකකට යනවා. යන්න බෑ කියලා යාලුවව තරහා කරගන්න බැරි හන්ද තේහ්යොන්ග් කොන්සර්ට් එක බලන්න ගියත් ඇතුලට ගිහින් වාඩි උනාට පස්සේ යාලුවටත් වඩා විනෝද උනේ එයා. ලෝක ප්රසිද්ධ ගායකයෝ රැසකගේ ප්රසංග වලට තේහ්යොන්ග් සහබාගි වෙලා තිබ්බත් එයා දැකපු පලවෙනි කේ-පොප් ප්රසංගය කිම් සොක්ජින්ගේ 'ඉකිගයි' ප්රසංගය උනා.
එදා තමන්ගේ ආදර්ශ චරිතය විදිහට සොක්ජින්ව පත් කරගත්ත තේහ්යොන්ග් එදා ගෙදර ආවට පස්සේ පහු වෙනිදා එළි වෙනකන් කිම් සොක්ජින් ගැනත්, කේ-පොප් ගැනත් හෙව්වා. කේ-පොප් සංස්කෘතිය, එයාලගේ ප්රතිමාන හැමදේම හොයාගත්ත තේහ්යොන්ග් බටහිර සංගීතය ඉගෙන ගන්නවා වෙනුවට කොරියානු සංගීතය වෙනුවෙන් වැඩි ඉඩක් දුන්නා. අන්තිමට කිම් සොක්ජින්ගේ දෙවනි ලෝක සංචාරයේ එක් ප්රසංගයක් ලොස් ඇන්ජලීස් වල තියනකොට තේහ්යොන්ග් ඒ ප්රසංගයට සමගාමීව තිබ්බ ඔඩිශන් එකකට නිකන් යන්නේ එයාව තේරෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් තියාගන්නේ නැතුව. ඒත් තේහ්යොන්ග් හිතුවේ නැති විදිහට එයාව තෝරගෙන තිබ්බා.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...