20

258 50 20
                                    

යුන්ගි හයිබ් වාහන නැවතුම්පලට වෙලා ජිමින් එනකන් බලාගෙන හිටියා. අද ජිමින්ට එයත් එක්කම ගෙදර යන්න ඕනේ කිව්ව නිසා යුන්ගි ජිමින්ව ගන්න ආවත් ජිමින්ව හොයාගෙන ආයතනය ඇතුලට ගියේ නෑ. වාහනේට වෙලා සිංදුවකුත් දාගෙන ජිමින් එනකන් යුන්ගි බලන් හිටියා.

"යුනී... ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද?"

"නෑ චිම්."

ජිමින් වාහනයට නැගලා ආසන පටි තද කරගත්තට පස්සේ යුන්ගි වාහනය පණ ගන්වලා ධාවනය කරා. වෙනදට කෝච්චියක් වගේ කියවන ජිමින් අද කට වහගෙන එළිය බලන් ඉන්නවා දකිද්දි යුන්ගිගේ හිතට අමුත්තක් දැනුනත් එයා ජිමින්ම එයාට හිතට කරදර කරන දේ කියනකන් බලන් හිටියා. දෙන්නට දෙන්නා අත් අල්ලගෙන ගෙදරට ලගා වෙනකන් මිනිත්තු විස්සකට ආසන්න කාලයක් ගමන් කරත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කරේ නෑ.

ගෙදරට ඇවිල්ලා කිසි දෙයක් නොකියම ජිමින් කාමරයට ඇදෙන දිහා බලන් හිටපු යුන්ගි ගෙදර දොර වහලා දාල ජිමින් පසුපස ඇදුනා. එයලගේ නිදන කාමරයට ගියාට පස්සේ උඩ ඇදුම ගලවන ගමන් හිටපු ජිමින් ලගට ගිය යුන්ගි පසුපසින් ජිමින්ව වැලදගෙන ජිමින්ගේ බෙල්ලේ සුවද වින්දා. යුන්ගිගේ පහස නිසා අතේ තියන ඇදුම බිමට දැම්ම ජිමින් තමන්ගේ බද වටේ තියන යුන්ගිගේ අත් උඩින් අති තියන් බෙල්ල ඇල කරලා යුන්ගිගේ තොල් වලට පොඩි හාදුවක් දුන්නා.

"ඔයාට මහන්සි නම් අපි කෑම ඕඩර් කරමු. එහෙම නැත්තන් ඩිනර් අවුට් එකකට යමු."

"මට මහන්සි නෑ යුනී. අද දෙන්නම කලින්ම ගෙදර ආව නිසා මම මොනවා හරි හදන්නම්."

ජිමින්ගේ වචන යුන්ගි විශ්වාස කරේ නෑ. ඒත් එයා ජිමින්ට බල කරන්නේ නැතුව ඔලුව වනලා ජිමින් එක්ක එකග වෙලා ජිමින්ට නාන කාමරයට යන්න දුන්නේ වැඩි කාලයක් ගත නොකරම ජිමින්ගේ හිතේ තියන ප්‍රශ්නේ එයාට කියනවා කියලා දන්න නිසා. ජිමින් නාන කාමරයට ගියාට පස්සේ ටයි පටිය ගලවලා දාපු යුන්ගි බැල්කනියට ගිහින් එළිය බලාගෙන එයාලගේ අතීතය ගැන කල්පනා කරා.

ප්‍රශ්න ගොඩක් මැද්දේ හෝසොක් එක්ක දික්කසාද උනත් යුන්ගිට හෝසොක්ව හිතෙන් අමතක කරලා දාන්න හැකියාවක් තිබ්බේ නෑ. දෙන්නාගෙම අතරේ ආදරයක් කියලා දෙයක් නොතිබුනත් දෙන්නම ස්වාමි පුරුෂයන් විදිහට එයාලගේ වගකීම් ඒ විදිහටම ඉශ්ට කරා. ඒත් ආදරයක් නැති තැනක සම්බන්දයක් දිගටම පවත්වාගෙන යන්න බල කරන එකෙන් දෙන්නගෙම සතුට නැති වෙනවා කියලා දන්න නිසා යුන්ගිම දික්කසාදය ගැන අදහස හෝසොක්ට ඉදිරිපත් කරත් මේ තීරණය හන්දා වැඩියෙන්ම පීඩාවට පත් උන කෙනත් යුන්ගි බවටම පත් උනා.

IKIGAI • TaekookWhere stories live. Discover now