අද ඩබල් අප්ඩේට් කරා. කලින් චැප්ටර් එක light and funny උනාට මේක serious.... මේකේ කන්ට්‍රැක්ට් එක ගැන ලියලා තියන ඒවා ඉස්සරහදි ගොඩක් ඕනේ වෙනවා. ඒවා වැදගත් නෑ කියලා හිතුනත් ඒවා කියවන්න.
Comments goal එක 50යි. මට එතකොට ගොඩක් කාලයක් update නොකර ඉන්න හේතුවක් හදාගන්න පුලුවන්.
****
ජන්ග්ගුක්ගේ මෘදු උන හිත ආපනශාලාවෙන් එළියට එනවත් එක්කම ආයිමත් ගල් උනේ තේහ්‍යොන්ග් නොනවත්වා කියවද්දි ඒක ජන්ග්ගුක්ට වදයක් වගේ දැනුන හන්දා. ඒත් තේහ්‍යොන්ග්ට කට වහගෙන ඉන්න කියලා විතර කියපු ජන්ග්ගුක් ඊලගට කෙලින්ම නම්ජුන්ගේ ආයතනයට වාහනය ධාවනය කරා.
මොනො ටවර් හි වාහනය නතර කරපු ජන්ග්ගුක් වාහනයෙන් එලියට එනකොටම කාර්‍ය මණ්ඩලයේ කෙනෙක් ඇවිත් එයාලව ඉහල මාලයට අරගෙන ගියා. තමන්ගේ පියාගේ ඇමරිකානු සමාගමටවත් එක වතාවක්වත් ගිහින් තිබ්බේ නැති තේහ්‍යොන්ග් එයාගේ පියාට මේ සා විශාල ගොඩනැගිල්ලක් අයිතිව තියනවා කියලා දැක්කම පුදුමයෙන් පුදුමයට පත් උනා. ඒත් එයා ඒ පුදුමය වචනයෙන් විස්තර කරන්න නොගියේ එතන හිටපු සේවකයා කවුද කියලා එයා දැනගෙන හිටියේ නැති නිසා. අඩුම තරමේ නම්ජුන්ගේ සේවක මණ්ඩලයවත් තේහ්‍යොන්ග් කියන්නේ නම්ජුන්ගේ පණ ටික කියලා දැනගෙන හිටියේ නෑ.
නම්ජුන්ගේ කාර්‍යාලය පිහිටි තට්ටුවට ආවට පස්සේ නම්ජුන්ගේ පෞද්ගලික සහයකයා මෙතෙක් තේකුක් දෙපලව අරගෙන ආව සේවකයට ස්තූති කරලා එයාව එළියට යැව්වා. අන්තිමට තමන් අදුරන එක්කෙනෙක් හරි හම්බුන එක ගැන සතුටින් තේහ්‍යොන්ගේ මූණ එළිය වෙද්දි එයා එයාගේ තාත්තා ගැන නම්ජුන්ගේ පෞද්ගලික සහයකයාගෙන් ඇහුවා.
"මිස්ටර් නම්ජුන් පොඩි මීටින් එකක ඉන්නේ. ඒක ඉවර වෙනකන් මෙතනින් වාඩි වෙලා ඉන්න."
තේහ්‍යොන්ග්, ජන්ග්ගුක් දෙන්නම එතන තිබ්බ සෝෆාවෙන් වාඩි උනත් එක්කම නම්ජුන්ගේ කාමරෙයෙන් එයා කෑ ගහන හැටි ඇරිලා තිබ්බ දොරෙන් ඇහුනා. පෞද්ගලික සහයකයා තේහ්‍යොන්ග් දිහා බලලා ගණන් ගන්න එපා කිව්වත් තමන්ගේ තාත්තගේ කේන්තිය තේහ්‍යොන්ග්ව පුදුම කරා.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...