තේහ්‍යොන්ගේ රෝහල් වික්‍රමයේ ඉතුරු කොටස....
කලින් එක කියෙව්වේ නැති අය ඒක කියවලා ඉන්න. අද දවසට double updates දුන්නා.
ස්කෑන් පරීක්ශන කිහිපයකය තේහ්‍යොන්ව අදාල කාමර වෙත අරන් එන්න කියලා වෛද්‍යවරයා ජන්ග්ගුක්ට කිව්වට පස්සේ ජන්ග්ගුක් තේහ්‍යොන්ග්වත් එක්කගෙන වෛද්‍යවරයා කිව්ව පරිශ්‍රයට ගියා. මග දිගට තේහ්‍යොන්ගේ කතාව ජන්ග්ගුක්ට වදයක් වෙද්දි ජන්ග්ගුක් බැන්ග් පීඩී එක්ක එකග වෙලා ලොකු වැරැද්දක් කරගත්තා කියලා හිතන්න පටන් ගත්තා.
"මගේ කකුල් දෙක පණ නෑ වගේ. ඊයේ රෑ කෑවට පස්සෙ මම මොකුත් කාලා නෑ. ඒ මදිවට මගේ අතත් හිල් කරලා ලේ ගොඩක් අරගෙන. ලේ මදි උනාම මොකද වෙන්නේ කියලා මැනේජර් ජන්ග්ගුක් දන්නවද?"
"නෑ. ලේ මදි උනාම මොකද වෙන්නේ?"
"මම දන්නෙත් නෑ. මැනේජර් ජන්ග්ගුක් දන්නවද කියලා මම බැලුවේ. මේ බලන්න මගේ කකුල් දෙක වෙව්ලනවා වගේ. මට ඇවිදින්න පණත් නෑ. මම හැමදාම වෙලාවට කෑම ගත්තා. අද මේක හන්දා මට ගෑස්ට්‍රයිටිස් හැදෙයිද දන්නෙත් නෑ."
"පයින්ට් දෙක තුනක බ්ලඩ් ගත්තා වගේ කියවන්නේ නැතුව ඉන්න."
"ඒත් මැනේජර් ජන්ග්ගුක්..."
"ඔයා කට වහගත්තේ නැත්තන් ඊළග පාර මම ඩොක්ටර් කෙනෙක්ට කියලා ඔයාගේ ඔය කට වස්සනවා."
"ඒත් ඔයාට මට කිසි දේකට බල කරන්න බෑ. මම කන්ට්‍රැක්ට් එක මුල ඉදලම කියෙව්වා. ඔයාට එහෙම දෙයක් කරන්න කිසිම අයිතියක් නෑ. අනික ඔයා හිතන්නේ ඔයා එහෙම දෙයක් කරොත් මගේ ඩැඩ් නිකන් ඉදී කියලද... එයා....."
ජන්ග්ගුක් රවලා බලද්දි තේහ්‍යොන්ග් පොඩ්ඩකට කට වහගත්තා. දොර ඇරගෙන ආව ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ව ඊසීජී පරීක්ශන වෙත යොමු කරද්දි තේහ්‍යොන්ග් බය වෙලා ඇතුලට යන්නේ නැතුව බලාගෙන හිටියා.
"මෙතන මොකක්ද වෙන්නේ ඩොක්ටර්?"
"ඉලෙක්ට්‍රොඩ්ස් හයි කරලා අපි ඔයාගේ හාර්ට් එකේ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටිස් පරීක්ශා කරලා බලනවා. ඒකෙන් අපිට හොයාගන්න පුලුවන් ඔයාගේ හාර්ට් එකේ ප්‍රශ්නයක් තියනවද කියලා."
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...