6

217 56 23
                                    

තේහ්‍යොන්ග් කියපු වෙලාවටත් කලින් හයිබ් එකට ගිහින් එයාට දෙනවා කිව්ව කාමරයට එයාගේ බඩු මුට්ටු ඔක්කොම ඇද්දා. එයාගේ ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පතෙන් එයාගේ බඩු මුට්ටු උස්සන් යන්න ආව එයාගේ පෞද්ගලික සේවකයන්ට සිකියුරිටි එකෙන් එන්න දුන්නේ නැති එකට තේහ්‍යොන්ග් ජිමින්ට කෝල් කරලා එයාට තියන අයිතිවාසිකම් ගැන කියවන්න පටන් ගත්තා. ඒත් ජිමින්ගෙන් කිසිම උදව්වක් නැති නිසා අන්තිමට තේහ්‍යොන්ග්ට හැමදේම අදින්න උනා. තේහ්‍යොන්ග් අන්තිම ලැගේජ් එක අරගෙන උඩට ආවට පස්සේ ජිමින් ලිෆ්ට් එක ඇතුලේ ඉදන් එළියට එනවා තේහ්‍යොන්ග් දැක්කා.

"මෙච්චර?"

"ගුඩ් මෝනින් ජිමින්"

තේහ්‍යොන්ග් ජිමින් උත්තර දෙනකන් බලන් ඉන්නේ නැතුව එයාගේ අන්තිම ලැගේජ් එක ඇතුලට දාලා ඇද උඩට වැටුනේ එයාට එහාටයි මෙහාටයි ගිහින් මහන්සි උන නිසා. ඒත් ජිමින් තේහ්‍යොන්ගේ මහන්සිය ගනන් ගන්නේ නැතුව කතා කරා.

"ඔයාට උදේම කම්පනි ටුවර්-"

"ජිමින් ඊට කලින් අපිට කතා කරලා ඉවර කරගන්න දෙයක් තියනවා. මගේ ගාර්ඩ්ස්ලට ඇතුලට එන්න ට'න්ස්ටයිල් එකෙන් ඇක්සස් දෙන්න. මොකද එයාලා සැරින් සැරේ මාව හම්බෙන්න එනවා. අනික... සිකියුරිටිලට කියන්න මම මෙහෙ වැඩ කරන කෙනෙක් කියලා. මට එයාලට මම කවුද කියලා සැරින් සැරෙ කියන්න බෑ. මේ කාමරේ පොඩි වැඩි හන්දා මම ඩෑඩ්ට කියලා මේක පොඩ්ඩක් ලොකු කරගන්න හිතන් ඉන්නවා. ඩැඩ්ගේ පී.ඒ ඔයාට ඒක ගැන කතා කරන්න එයි අද හවසට. අනික ඩැඩ්ට ඔයා එක්ක කතා කරන්න ඕනේ කිව්වා. ඒ හන්දා හවස වෙලාව ෆ්‍රී කරගන්න."

තේහ්‍යොන්ග්ගේ හැසිරීම ජිමින්ව පුදුම කෙරෙව්වත් ජිමින් සමච්චල් සහගත හිනාවකින් තේහ්‍යොන්ග් දිහා බැලුවා. ජිමින් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක් උනත් තේහ්‍යොන්ග් වගේ කෙනෙක් වෙන කිසිම කෙනෙක්ට හම්බෙලා නෑ කියලා ජිමින්ට ලොකු විශ්වාසයක් තිබ්බා. සොක්ජින් වගේ සාමකාමී චරිතයක් එක්ක වැඩ කරලා තේහ්‍යොන්ග් වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න හම්බුනාම ජිමින්ට පලවෙනි විනාඩි 15 ඇතුලත එයාගේ රස්සාව එපා උනා.

IKIGAI • TaekookWhere stories live. Discover now