ජන්ග්ගුක්ට සොක්ජින්ගේ කාමරයට යන්න ඕනේ උනත් එයා කෙලින්ම එයාගේ කාමරයට ගියේ ඒ වෙලාවේ එයාට වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි උන හන්දා. කේන්තියක් වගේම කළකිරීමක් හිතේ පැල පදියම් වෙනකොට ජන්ග්ගුක් හයියෙන් දොර වහගෙන එයාගේ ඇදට වැටිලා අත් දෙකෙන්ම එයාගේ කොණ්‍ඩය ඇදගත්තා.
ජන්ග්ගුක්ගේ ජීවිතේ එයා මතක ඇති කාලෙක ඉදන් තිබ්බේ ප්‍රශ්න විතරයි. පවුලෙන් ඈත් වෙලා හැදී වැඩුන ජන්ග්ගුක් අද වෙද්දි කාටවත් බරක් නොවී තමන්ට ඇති වෙන්න හම්බ කරගත්තත් ජන්ග්ගුක්ගේ ජීවිතෙ සතුට කියන දේ ඉතුරු වෙලා තිබ්බේ නෑ. සතුට හොයන්න ගිහින් එයාගේ අතින් උන වැරදී තේරීම් හන්දා ජන්ග්ගුක්ගේ ජීවිතේ තවත් අපාය උන එක විතරක් සිද්ද උනා.
සොක්ජින් එක්ක වැඩ කරපු කාලෙට ජන්ග්ගුක් කැමති උනා. පිටතින් නොපෙන්නුවට සොක්ජින් කියන කෙනා තමන්ට වඩා වයසින් වැඩි උනත්, ජන්ග්ගුක් වැඩිහිටියෙක් වගේ සොක්ජින් වෙනුවෙන් ආදරේ කරා. සොක්ජින්ව බලාගත්තා. ඒත් මේ අද එක පාරටම සිද්ද උන දේවල් ජන්ග්ගුක්ව සතුටු කරේ නෑ.
ජන්ග්ගුක්ට මේ දේවල් කාට හරි කියලා ආයි සොක්ජින් එක්කම වැඩ කරන්න ඕනේ උනත් එයා දැනගෙන හිටියා එයාගේ ඉහළ කළමනාකරණයට ඉහළින් කවුරුත් තීරණ ගන්නේ නෑ කියලා. පීඩි-නිම් එක්ක ගිහින් මේ දේ ගැන කතා කරන්න කියලා එයාගේ හිත කියද්දි අන්තිමට ජන්ග්ගුක් පීඩි-නිම් ලගට ගියේ පෞද්ගලික හැදුනුම්කම් වලින් ආයතනයේ දේවල් කරගන්න එක එයාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ උනත් මේ වෙලාවෙ එයාට සොක්ජින්ව අත අරින්න ඕනේ නැති හන්දා.
පීඩී නිම්ගේ කාමරයට යද්දි ජන්ග්ගුක් දැක්කා තේහ්‍යොන්ග් ඇවිද ඇවිද ඉන්නවා. තාම තේහ්‍යොන්ග්ගේ හයිබ් ටුවර් එක ඉවර නෑ කියලා හිතපු ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ට අවදානය දෙන්නේ නැතුව පීඩි නිම්ගේ කාමරට ගියා. පීඩි නිම් දුරකතන ඇමතුමක ඉන්න අතරේ ජන්ග්ගුක්ට පුටුවෙන් වාඩි වෙන්න කිව්වම ජන්ග්ගුක් පුටුවෙන් වාඩි වෙලා එයා කියන්න ඕනේ දේවල් කල්පනා කරා. එයා ආවට පීඩී නිම්ට කියන්න ඕනේ මොනවද කියලා එයා ලෑස්ති කරගෙන හිටියේ නෑ.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...