5

241 59 19
                                    

තමන් ජීවිතේ වැඩියෙන්ම වෛර කරන මනුස්සයා තමන්ගේ ඉස්සරහා හිටියත් යුන්ගිට මොකුත් කරගන්න බැරි උනේ කාලෙකට කලින් තමන් පණ වගේ එයාට ආදරේ කරා කියලා එයාට මතක් උන හන්දා. කිම් සොක්ජින් කියන කෙනා ඇහැක් වගේ පරිස්සම් කරපු යුන්ගි අද කිම් සොක්ජින් කියන කෙනා දිහා අප්‍රසන්න විදිහට බලාගෙන හිටියා.

යුන්ගි කේන්තියෙන් සොක්ජින් දිහා බලාගෙන ඉන්නකොට සොක්ජින් යුන්ගිට දිහා බය වෙලා බලාගෙන හිටියා. දැන් ලෝක ප්‍රසිද්ධ සුපිරි තරුවක් උන සොක්ජින් අවුරුදු ගාණක් යනකන් එයාගේ අදුරු අතීතෙට සම්බන්ධ අයගෙන් හැංගිලා ඉන්න පුලුවන් උනාට අද ඒ අදුරු අතීතයේ එක පාර්ශ්වයක් එයාගේ ඉස්සරහට ඇවිල්ලා තිබ්බා.

ඒ කාලේ යුන්ගිව දැක්කම සොක්ජින් දුවගෙන ගිහින් යුන්ගිගේ කරේ එල්ලෙනකොට යුන්ගි එයා කාටවත් වැඩිය පෙන්නන්නේ නැති හිනාව සොක්ජින් වෙනුවෙන් දුන්නා. කවුරුත් තමන්ට අතවත් තියනවට අකමැති යුන්ගි සොක්ජින් එයාගේ කොණ්ඩෙන් අදිනකොට, එයාගේ කම්මුල් වලින් අදිනකොට, කොහේ හරි ඉදන් දුවගෙන ඇවිත් එක පාරටම බදාගන්නකොට ආදරණීය විදිහට හිනා උනා. ඒත් ඒ හිනාව අවුරුදු ගාණක කලින් සිද්ද උනේ දේවල් එක්ක ආයි කවදාවත් කවුරුත් දැක්කේ නෑ.

සොක්ජින් දිහා බලාගෙනම යුන්ගි අඩියෙන් අඩිය ඉස්සරහට එනකොට සොක්ජින් පස්සට ගියා. සොක්ජින්ගෙන් ඇස් අහකට ගන්නේ නැතුව යුන්ගි ඉස්සරහටම යද්දි සොක්ජින්ගේ ඇස් වල බය කියන දේ යුන්ගිට හොදට අදුරගන්න පුලුවන් උනා. පිටිපස්සේ බිත්තිය සොක්ජින්ගේ ගමන සීමා කරද්දි යුන්ගි සොක්ජින් ළගටම ආවා. ඒත් යුන්ගි බලාපොරොත්තු උන විදිහටම සොක්ජින් එතනින් පැනලා දුවලා ගියා. සොක්ජින් කියන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතාගෙන රෙස්ටෝරන්ට් මැනේජර්ට කතා කරලා විස්තර අහගන්න කියලා යද්දි යුන්ගිට දොරක් ඇරෙන සද්දයත් එක්ක එයාගේ ආදරණීය ස්වාමි පුරුශයාගේ කටහඩ ඇහුනා.

"ජෝන් ජන්ග්ගුක්. තමුන්ට බෑ මට එහෙම කතා කරන්න. මම කොට උනාට  තමුන්ට වඩා අවුරුදු හතරක් වැඩිමහල්. අවුරුදු හතරක් කියන්නේ දවස් තුන්සිය හැට පහේ ඒවා හතරක්. ජිමින් හ්යන්ග්. මම ජිමිනී හ්යන්ග්. මම කවුද? ජිමිනි හ්යන්ග්."

IKIGAI • TaekookWhere stories live. Discover now