13

208 48 21
                                    

තේහ්‍යොන්ග් එක පාරටම තමන්ව වැලද ගත්තම ජන්ග්ගුක් බය උනා. බය උනාට වඩා පුදුම උනා කිව්වොත් ජන්ග්ගුක්ගේ හැගීම් හරියටම විස්තර වෙනවා කියලා කියන්න පුලුවන්. ඒත් ඊලග පමාවෙන් තේහ්‍යොන්ග් කිව්ව දේ හන්දා ජන්ග්ගුක්ගේ හිතේ තිබ්බ පුදුමය ටිකක් අඩු උනත් එයාගේ ඇගේ තිබ්බ වෙනස ඒ විදිහටම එයාට දැනුනා.

"තැන්ක්ස් ජන්ග්ගුකී හ්‍යන්ග්."

තේහ්‍යොන්ග් එයාගේ කාමරේට ගිහින් දොර වහගන්නවා ජන්ග්ගුක්ට ඇහුනත් ජන්ග්ගුක් ඒ විදිහටම තේහ්‍යොන්ග්ගේ කාමරේ ඉස්සරහා හිටගෙන හිටියා. තේහ්‍යොන්ග්ගේ වැලද ගැනීම ජන්ග්ගුක්ව වික්ශිප්ත කරලා තිබ්බා. විනාඩි විස්සකට වඩා එතන හිටගෙන මොකද උනේ කියලා කල්පනා කරපු ජන්ග්ගුක් අන්තිමට හරි සිහියට ඇවිල්ලා පිටිපස්ස හැරිලා බැලුවම එයා දැක්කා තේහ්‍යොන්ග්ගේ දොර වහලා තියනවා කියලා.

තමන්ගේ අයිඩොල්ව බලන්න යන්න ඕනේ උනත් ජන්ග්ගුක්ගේ ඔලුවේ තිබ්බ දේවල් හන්දා එයා එයාගේ කාමරේට ගියා. ඒ වෙද්දි පාන්දර දෙකයි කියලා ජන්ග්ගුක්ගේ කාමරේ වෙලාව සටහන් වෙලා තියෙද්දි ජන්ග්ගුක් ඇදට වැටුනේ එයා දැන ගෙදර යන එකෙන් එයාට කිසිම හොදක් වෙන්නේ නෑ කියලා දන්න හන්දා. සොක්ජින්ගේ හදිසි අවස්තා වලට දෙන්න තමන් ලග තියන් ඉන්න නිදිපෙති දෙකක් කටට දාගෙන වතුර උගුරක් බිව්ව ජන්ග්ගුක් නිදාගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒත් නිදාගන්න ගත්ත උත්සාහය කිසිම වැඩකට ඇති දෙයක් නොවෙනකොට එයා තව පෙති දෙකක් කටට දාගෙන නිදාගත්තේ දුරකතනයත් ක්‍රියා විරහිත කරන්න අමතක නොකර.

ජන්ග්ගුක්ට ජිමින්ට මේ ගැන කියන්න අමතක උන හන්දා ජිමින් තේහ්‍යොන්ග් ආවා කියලා දන්නේ නැතුව මුලු රෑම තේහ්‍යොන්ග්ව හෙව්වා. තේහ්‍යොන්ග්ගේ ගෙදර අයට කතා කරලා එයාව එහෙ හොයන්න ඕනේ උනත් එයාගේ කණ්ඩායමේ අනිත් අය කිව්වේ ඒ දෙයින් තේහ්‍යොන්ග්ගේ පවුලේ අය කලබල වෙයි කියලා. තේහ්‍යොන්ග්ගේ පවුල් පසුබිම බලවත් හන්දා තවත් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ජිමින් එයාලගේ කණ්ඩායම එක්ක තේහ්‍යොන්ග්ව හෙව්වා.

"යූනී මේ කොල්ලා මොන ලෝකේ අතුරුදහන් වෙලාද දන්නේ නෑ. ඔයා හිතලා බලන්න එක පාරටම ඔයා ඇමරිකාවෙන් මෙහෙට ආවොත් මුලින්ම කරන්නේ මොකක්ද කියලා?"

IKIGAI • TaekookWhere stories live. Discover now