16

225 50 29
                                    

තේහ්‍යොන්ග්ගේ දුරකතන සංවාදයෙන් පස්සේ ජන්ග්ගුක් තේහ්‍යොන්ග් ඉන්නවා කියපු තැනට ගියා. අමුත්තන්ගේ ආපනශාලාවේ වාඩි වෙලා කාත් එක්කද මන්දා තේහ්‍යොන්ග් කියව කියව ඉන්නවා දකිද්දි ජන්ග්ගුක් අමාරුයි උනත් තේහ්‍යොන්ග්ව ඇදගෙන එන්න ඕනේ උන උවමනාව මග ඇරියේ තේහ්‍යොන්ග් ගේ පෞද්ගලික දේවල් වලට බාධා කරන්න එයාට ඕනේ උනේ නැති හන්දා.

තේහ්‍යොන්ග් අමුත්තා එක්ක කතා කරලා ඉවර වෙලා එයාව වැලදගෙන සමුදෙනකන් ජන්ග්ගුක් බලාගෙන හිටියා. තේහ්‍යොන්හ් කෑම ට්‍රේ එක ආපහු කවුන්ටරයට දෙන්නේ නැතුව ටීශූ එකත් ගුලි කරලා ට්‍රේ එක උඩට දාලා එන හැටි බලන් හිටපු ජන්ග්ගුක් තේහ්‍යොන්ග් එක්ක ආව අමුත්තා එළියට යනකන් බලන් ඉදලා තේහ්‍යොන්ග් ළගට ගියා.

"ජන්ග්ගුක් හ්‍යන්ග්."

තේහ්‍යොන්ග් පුදුමයෙන් වගේ ජන්ග්ගුක්ගේ නම කියද්දි ජන්ග්ගුක් එයාගේ සීතල, නපුරු මූණෙන් තේහ්‍යොන්ග් දිහා රවලා බැලුවා. තේහ්‍යොන්ග් ජන්ග්ගුක්ට බය උනත් එයා බය උනා කියලා පෙන්නන්නේ නැතුව ඉන්න උත්සාහ ගද්දි ජන්ග්ගුක් මේසේ උඩ තිබ්බ තේහ්‍යොන්ග්ගේ ට්‍රේ එක තේහ්‍යොන්ග් ළගට තල්ලු කරා.

"හෝදන්න."

"මම? මේ ට්‍රේ එක හෝදන්න?"

ජන්ග්ගුක් උත්තරයක් නොදී බලාගෙන ඉන්නකොට තේහ්‍යොන්ග්ට තේරුනා ජන්ග්ගුක් එයාට තමයි ඒක හොදන්න කියලා කිව්වේ කියලා.

"මම ඇයි මේක හෝදන්නේ? "

"කෑම ගත්තා  නම් ට්‍රේ එක හෝදලා තියන්න පුරුදු වෙන්න."

"කැෆටේරියා එකේ වැඩට ඉන්න අය මොකද කරන්නේ එතකොට?"

ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ව දවා අලු කරන බැල්මකින් සංග්‍රහ කරලා තේහ්‍යොන්ග්ට පිටිපස්සේ කවුන්ටරයට හෝදපු ට්‍රේ ගිහින් තියන කට්ටියව පෙන්නුවා. ජන්ග්ගුක් කියන දේ තේහ්‍යොන්ග්ට පැහැදිලි උනත් තේහ්‍යොන්ග් ඒ වැඩ කරන්න ලෑස්ති වෙලා හිටියේ නෑ.

"ජන්ග්ගුක් හ්‍යන්ග්. මම කවදාවත් මගේ කෝප්පයක්වත් හෝදල නෑ. එහෙම එකේ-"

"මේ ට්‍රේ එක අරගෙන් ගිහින් හෝදලා කවුන්ටර් එකට දෙන්න."

"ඒත් ජන්ග්ගුක් හ්‍යන්ග්...."

IKIGAI • TaekookWhere stories live. Discover now