22

235 55 55
                                    

සොක්ජින්ව වැලදගෙන තේහ්‍යොන්ග් සොක්ජින් පසුපස හැන්ගෙන්න උත්සාහ කරත් ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ට ඕනේ දේවල් කරන්න දුන්නේ නෑ. එයා තේහ්‍යොන්ග් ලගට යද්දි තේහ්‍යොන්ග් සොක්ජින්ව කරකවන ගමන් ජන්ග්ගුක්ගෙන් හැන්ගෙන්න උත්සාහ කරා.

"තේහ්‍යොන්ග් පොඩි ළමයෙක් වගේ විකාර කරන්නේ නැතුව එන්න."

"මට බෑ."

"කියන දේ අහලා එන්න."

"මට බෑ කියලා මම දැන් කිව්වනේ."

"තේහ්‍යොන්ග්..."

සොක්ජින්ව වැලදගෙන ඉන්න තේහ්‍යොන්ග්ව අල්ලගත්ත ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ව සොක්ජින්ගෙන් ගලවලා ගන්න උත්සාහ කරා. ඒත් තේහ්‍යොන්ග් සොක්ජින්ව තදින් අල්ලගෙන හිටපු නිසා සොක්ජින් තේහ්‍යොන්ග් දෙන්නම ජන්ග්ගුක් දිහාවට ඇදිලා ආවා.

"අත අරින්න මාව. මැනේජර් ජන්ග්ගුක්. සොක්ජින් සන්බේ මාව බේරගන්නකෝ."

ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ව අදිනකොට සොක්ජින් තේහ්‍යොන්ග් දෙන්නම ජන්ග්ගුක් පස්සෙන් ඇදිලා ගියා. ඒත් තේහ්‍යොන්ග් සොක්ජින්ව අත අරින්න පොඩ්ඩක්වත් ලෑස්ති වෙලා හිටියේ නෑ. එයා තවත් තදින් සොක්ජින්ව වැලදගෙන හිටියා.

"ජන්ග්ගුක්-ශී. තේහ්‍යොන්ගීට ඉන්න දෙන්න."

"අනිත් අයගේ ස්කෙඩ්‍යුල් වලට ඉන්න මෙයාට කිසි අයිතියක් නෑ."

"සොක්ජින් සන්බේට ප්‍රශ්නයක් නැත්තන් ඔයාට මොකෝ මැනේජර් ජන්ග්ගුක්. මම පීඩි-නිම්ට කියලා ඔයාව අයින් කරනවා. අත අරින්න මාව. මම එන්නේ නෑ ඔයත් එක්ක."

"ජන්ග්ගුක්-ශී. තේහ්‍යොන්ගි හිටියට කමක් නෑ. එයාට ඉන්න දෙන්න."

සොක්ජින් ජන්ග්ගුක්ගේ අත අල්ලලා කියද්දි ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ව අදින එක නතර කරලා සොක්ජින් දිහා බැලුවා.  සොක්ජින් වැරැද්දක් කරපු කෙනෙක් වගේ බිම බලාගන්නකොට තේහ්‍යොන්ග් සොක්ජින්ව වැලදගෙනම ජන්ග්ගුක්ගෙන් ඈතට ගියා.

"එහෙනම් සොක්ජින්-ශීට කරදර කරන්නේ නැතුව පැත්තකින් වාඩි වෙලා ඔය කට වහගෙන ඉන්න."

IKIGAI • TaekookWhere stories live. Discover now