තමන් දුන්න රසකැවිලි හැම්ප' එකට ස්තූති කරන්නේවත් නැතුව තමන්ගේ මූණටම දොර වහපු එක ගැන තේහ්යොන්ග් ජන්ග්ගුක් එක්ක හිටියේ ලොකු තරහකින්. ඒත් තේහ්යොන්ග් හැමවෙලේම හිතුවා ජන්ග්ගුක් වගේ කඩවසම් කෙනෙක් එක්ක එයාට වැඩිකල් තරහින් ඉන්න බෑ කියලා. අතට ගත්ත කුකී එක කන ගමන් එහාට මෙහාට ඇවිද ඇවිද තේහ්යොන්ග් ජන්ග්ගුක්ව යාලු කර ගන්න පුලුවන් දේවල් ගැන හිතන්න පටන් ගත්තා. තේහ්යොන්ග්ගේ හිනාවට කාටවත් කිසිම විදියකට බෑ කියන්න බෑ කියලා දන්න හන්දා තමන්ගේ සහජ දක්ශතාවෙන් ප්රයෝජන ගන්න හිතපු තේහ්යොන්ග් ඉක්මනට ඇදුමක් ඇදගෙන කාමරෙන් එළියට ආවේ ජන්ග්ගුක්ව හම්බෙන්න යන්න කියලා හිතාගෙන.තේහ්යොන්ග් එලියට එනවත් එක්කම එළියේ කඩිගුලක් ඇවිස්සිලා වගේ කට්ටිය එහාට මෙහාට යනවා දැකලා තේහ්යොන්ග් පුදුම උනා. ටැබ්ලට් පරිගණක අතේ තියාගෙන එහෙට මෙහෙට ඇවිදින අය ලොකු කලබලයකින් හිටියත් එයාලගේ කතාවෙන් තේහ්යොන්ග්ට කිසි දෙයක් හොයාගන්න පුලුවන් උනේ නෑ. අනුන්ගේ කුණු හොයන එකෙන් තමන්ට ප්රයෝජනයක් නෑ කියලා හිතාගෙන සොක්ජින්ගේ කාමරයට යන්න හදපු තේහ්යොන්ග් එයාගේ මැනේජර් ජිමින් කලබලයෙන් එනවා දැකලා එයා එක්ක කතා කරන්න නැවතුනා.
'ජිමින් හ්යොන්ග්. මොකක්ද ප්රශ්නේ?"
"මට පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ. අද දවසේ ඔයාට තියන දේවල් හෙටට ස්කෙඩ්යුල් කරලා තියෙන්නේ. ඔයා කාමරේට වෙලා රෙස්ට් කරන්න."
තත්පර ගාණක් ඇතුලත වචන ගොඩක් ජිමින් කියාගෙන ගියත් තේහ්යොන්ග්ට ඒ හැමදේම පැහැදිලිව ඇහුනා. ඒ වගේම එයාට ඒ දේවල් හොදින් තේරුනා. ඒත් තේහ්යොන්ග්ගේ කුතුහලය එයාව ආයි කාමරේට යැව්වේ නැති හන්දා තේහ්යොන්ග් කිම් සොක්ජින්ගේ කාමරේ දොරට ගහන්න ගියේ ජිමින් ඒක ඇතුලට ගිහින් දොර වහගත්ත නිසා. දෙපාරක් තට්ටු කරත් කවුරුත් දොර ඇරියේ නැති කොට තේහ්යොන්ග් තමන්ගේ ළගින් එහාට මෙහාට යන අනිත් අයගේ අතේ තියන ටැබ්ලට් වල තියෙන්නේ මොනවද කියලා බලන ගමන් එයා තුන් වෙනි පාරටත් දොරට තට්ටු කරා. ඒත් දොරේ රළු මතුපිට වෙනුවට ටිකක් මෘදු ඒත් හයිය පෘශ්ඨයක තමන්ගේ අත වැදෙනකොට තේහ්යොන්ග් එයාගේ ඉස්සරහා තිබ්බ දොර දිහා බැලුවා. ඒත් දොර වෙනුවට තේහ්යොන්ග් දැක්කේ තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ජන්ග්ගුක්ව.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...