9

201 51 18
                                    

ජන්ග්ගුක්ට එන්න කියලා කිව්වට පස්සේ ජන්ග්ගුක් ඇතුලට එන්නේ නැතුව එළියේ ඉදන් බලන් ඉන්නකොට තේහ්‍යොන්ග්ට තේරුනා ජන්ග්ගුක් ඇතුලට එන පාටක් නෑ කියලා. ඊටත් වඩා ජන්ග්ගුක්ගේ මූණේ තිබ්බ නපුරු පෙනුම තේහ්‍යොන්ග් ව බය කරත් තේහ්‍යොන්ග් ඒක පෙන්නුවේ නෑ.

"ඇතුලට එන්නේ නැත්තන්.."

"මේක අත්සන් කරලා දෙන්න."

"කෝ දෙන්න. කොහෙද අත්සන දාන්න ඕනේ?"

ජන්ග්ගුක්ගේ අතේ තිබ්බ ෆයිල් එක අරගෙන තේහ්‍යොන්ග් ජන්ග්ගුක් අත්සන් කරන්න ඕනේ තැන පෙන්නනකන් හිටියා. ජන්ග්ගුක් කන්න වගේ බලන් ඉන්නකොට ඇත්තටම තේහ්‍යොන්ග් බය උනාට එයා ඒක පෙන්න්නනේ නැතුව ඉන්න වග බලාගත්තා.

"අන්තිම පිටුවේ."

ජන්ග්ගුක්ගේ උත්තරයත් එක්ක තේහ්‍යොන්ග් ෆයිල් එක අරගෙන කෙලින්ම අනතිම පිටුව බලලා අත්සන් කරා. තමන්ගේ අත්සනේ ලස්සන බල බල තේහ්‍යොන්ග් හිනා වෙවී ඉදලා ජන්ග්ගුක් බලන් ඉන්නවා කියල මතක් උනාම ගැස්සිලා ෆයිල් එක ආපහු ජන්ග්ගුක් අතට දුන්නා. තේහ්‍යොන්ග්ගෙන් ෆයිල් කවරය උදුරලා වගේ අරගත්ත ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ට මොකුත් නොකියම අනිත් පැත්ත හැරිලා වේගෙන් බෝ'ඩ් රූම් එක පැත්තට යන්න ගියා.

"මූණේ හැටි විතරක්. කුලප්පු කරපු මී හරකෙක් වගේ යන්නෙත්..."

ජන්ග්ගුක් දිහා බලාගෙන හිටපු තේහ්‍යොන්ග් දොර වහන්න යනකොටම එයාගේ කාමරේ ඉස්සරහින් එයා ආසම අයිඩොල් කෙනෙක් යනවා දැක්කා. තේහ්‍යොන්ග්ගේ ඉහේ මලක් පිපුනා වගේ වෙද්දි එයා ඉක්මනට අයිඩොල් පස්සේ ගිහින් එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

"ඔයා නේද ගෝල්ඩන් අවර් එකේ වූබින්? ඔව් ඔයා තමයි. මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්. ඒත් වූබින් මැරෙද්දි මට ගොඩක් දුක හිතුනා. ඇයි ඒ වගේ ලස්සන කතාවකට කැත අවසානයක් දුන්නේ?"

"තෑන්ක්ස්. මට දැන් මීටින් එකක් තියනවා. මම පස්සේ-"

"ඉන්න ඉන්න. මට විනාඩියක් දෙන්න. මම ආයි කරදර කරන්නේ නෑ. මට ඕටොග්‍රාෆ් එකක් දීලා යනවද? ප්ලීස්..."

IKIGAI • TaekookWhere stories live. Discover now