25

503 71 57
                                    

YouTube වල views filter කරනවා වගේ මමත් emoji comments, update comments filter කරලා genuine comments 50ක් වෙනකන් බලන් හිටියා. මේකෙත් comment goal එක 50යි.

2023.05.14 : තාම 50 වෙලා නෑ 😂

 

තේහ්‍යොන්ග් ගිවිසුම කියවලා තේරුම් අරන් තියනවා කියලා ජන්ග්ගුක්ට තේරුනට පස්සේ ජන්ග්ගුක් පුදුම උනේ එයා ඒ වගේ දෙයක් තේහ්‍යොන්ග්ගෙන් බලාපොරොත්තු උනේ නැති නිසා. ඒත් ජන්ග්ගුක් අහපු ඔක්කොම ප්‍රශ්න වලට තේහ්‍යොන්ග් ගැලපෙන උත්තර දීලා එයා එයාගේ පුහුණු වීම් වලට ලෑස්ති කියලා පෙන්නුවා.

"මම ඔයාගේ ඩයටීශියන් එක්ක කතා කරලා ඔයාට ඩයට් එකක් ප්ලෑන් කරගත්තා. ඩෙබ්‍යු එකක් ලග පාතක නැති හන්දා එක්ස්ට්‍රීම් ඩයට් එකකට දැන්ම යන්න ඕනේ නෑ. හැබැයි අපිට ඔයාගේ ඇග ඔයාට ෆිට් වෙන කැලරි ලෙවල් එකක්ට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒක හන්දා ඔයාට දවසට කැලරි 1300කට වගේ ලිමිට් වෙන්න වෙනවා."

"එතකොට මම කන්නේ කොහොමද?"

"බ්‍රෙක්ෆස්ට් එක තව ටිකකින් ස්ටාෆ් එකෙන් ගෙනත් දෙයි. හැමදාම උදේ 7.00 වෙද්දි ඔයාට බ්‍රෙක්ෆස්ට් එක ගන්න වෙනවා."

උදේ හතට නැගිටින එක මොන තරම් අමාරු වැඩක්ද කියලා තේහ්‍යොන්ග් කියන්න හදනකොටම දොරට කෙනෙක් තට්ටු කරනවා ඇහුන නිසා තේහ්‍යොන්ග් ඒකට අවධානය දුන්නා. කෑම අරගෙන ආව සේවිකාවට කෑම එක මේසේ උඩින් තියන්න කියලා ජන්ග්ගුක් කිව්වට පස්සේ එයා ඒක තියලා යන්න ගියා.

"මම ඉතුරු ටික පැහැදිලි කරනකන් ඔයාට කන්න පුලුවන්."

කාමරේ අනිත් කෙලවරේ තියෙන කවිච්චියෙන් වාඩි උන ජන්ග්ගුක් එයාගේ අතේ තිබ්බ ෆයිල් කවරය පෙරලනකොට තේහ්‍යොන්ග් බන්දේසිය වහලා තිබ්බ ආවරණය ඇරලා බැලුවම එයාගේ කට ඇද උනා. පාට තුනකින් හැඩ උන ධාන්‍ය දැක්කම තේහ්‍යොන්ග් ආපහු ජන්ග්ගුක් දිහා බැලුවේ එයා මේ පාට පාට ඇට වර්ග කන්නේ නෑ කියලා කියන්න. ඒත් ජන්ග්ගුක් දැඩි බැල්මකින් තමන් දිහා බලන් ඉන්නවා දැක්කම තේහ්‍යොන්ග් මවාගත්ත හිනාවකින් ආයි කෑම එක දිහා බැලුවා.

අනිත් දීසියේ තිබ්බ තම්බපු කැරට් කෑල්ලක් කටට දාගත්ත තේහ්‍යොන්ග් ඒක කන ගමන් බ්‍රෝකොලි කෑල්ලක් අතට අරන් ඒක ඇස් මට්ට්මට අරන් ඒක වටේ හොදට බැලුවා. බ්‍රෝකොලි කෑල්ල හොදින් නීරීක්ශනය කරපු තේහ්‍යොන්ග් එයාගේ ප්‍රශ්නේ ඊලගට ජන්ග්ගුක්ට යොමු කරා.

You've reached the end of published parts.

⏰ Last updated: May 14, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

IKIGAI • TaekookWhere stories live. Discover now