ජන්ග්ගුක් ඊයේ රෑ නිදාගන්න යනකොටත් එයාට මතක් උනේ තේහ්‍යොන්ග් එක්ක දවසක් ගත කරන එක කොච්චර අමාරුද කියලා. ජන්ග්ගුක් උදේ නැගිටිනකොටත් එයාගේ ඔලුවේ තිබ්බේ තේහ්‍යොන්ග් එක්ක තව දවසක් , තව පැය විසි හතරක් ගෙවන්නේ කොහොමද කියලා. ඇදේ දිගා වෙලා සිවිලිම දිහා බලන් හිටපු ජන්ග්ගුක් අද දවස ගෙවන විදිහ ගැන කල්පනා කර කර ඉන්න අතරේ එයාට ඇහුනා එයාගේ ගෙදර ඉස්සරහා දොර වැහෙන සද්දේ. එයාටත් යන්න වෙලාව හරි කියලා තේරුනම ජන්ග්ගුක් හෙමින් ඇදෙන් බැහැලා ලෑස්ති වෙන්න පටන් ගත්තා.
ජන්ග්ගුක්ගේ ඔලුව යකාගේ කම්මල වගේ. එයාට තේහ්‍යොන්ග් එක්ක වැඩ කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. සොක්ජින් එක්ක වැඩ කරද්දි ජන්ග්ගුක්ට පොඩි නිදහසක්වත් තිබ්බේ නැති උනත් ජන්ග්ගුක් සොක්ජින් එක්ක සතුටින් වැඩ කරා. ජන්ග්ගුක්ගේ ජීවිතේ තිබ්බ එකම සැනසීම එයාගේ වෘත්තිය විතරක් උනත් තව දුරටත් සොක්ජින් එක්ක වැඩ කරන්නේ කියලා දැනගත්තම එයාගේ එකම සැනසීමත් නැති වෙලා ගියා.
ජන්ග්ගුක් ඇදගෙන ඉවර වෙලා කාරයට ඇවිල්ලා නැග්ගෙ මරන්න ගෙනියන හරකෙක් වගේ. එයාට යන්න කිසිම ඕනේකමක් තිබ්බේ නැති උනත් එයාගේ වෘත්තිය ආරක්ශා කරගන්න එයාට යන්නම සිද්ද උනා. කාරය පණ ගැන්වු ජන්ග්ගුක් එයාගේ ගෙදරින් එළියට වාහනය දාද්දිම එයාගේ දුරකතනය නාද උනා.
"ජිමින්-ශී...."
"ජන්ග්ගුක්...ලොකු ප්‍රශ්නයක්....ඔයා උදේම කම්පනි එකට එනවා නේද?"
"ඇයි ජිමින්-ශි? සොක්ජින්-ශී හොදින් නේද?"
"එයා හොදින්. ඒත් මම හොදින් නෙවේ. මට අද උදේ නැගිටින්න පරක්කු උනා. මම අද උදේම ජිනීව සෙට් එකට අරන් යන්න ඕනේ. එයා වෙලාවට ගියේ නැත්තන් ලී කාරයා මාව කන්නේ. මට මේ කෙලවරේ ඉදන් ඔය කෙලවරට එන්නම පැයක්වත් යයි මේ වෙලාවේ ට්‍රැෆික් ජෑම් එකත් එක්ක. ඔයා එන ගමන් හන්නම් වලින් ජිනීව ඉතාවොන් සෙට් එකට දාගෙන එනවද? අද උදේම මට ලී එක්ක රණ්ඩු වෙලා දවස පටන් ගන්න බෑ. ප්ලීස් ජන්ග්ගුක්-ශී..."
සොක්ජින් එක්ක කොච්චර වැඩ කරන්න ඕනේ උනත් ජන්ග්ගුක්ට මේ වගෙ වැඩ කරන්න ඕනේ උනේ නෑ. ඒකෙන් සොක්ජිනුත්, ජන්ග්ගුකුත් දෙන්නම අපහසුතාවයට පත් වෙනවා කියලා ජන්ග්ගුක් දැනගෙන හිටියා. ඒත් එයාට ජිමින්ට බෑ කියන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ. ජිමින් බෑ කියලා බේරෙන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියලාත් ජන්ග්ගුක් දැනගෙන හිටියා.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...