ජන්ග්ගුක් දෙවනි වතාවටත් තේහ්යොන්ග්ගේ දුරකතනයට ඇමතුමක් දුන්නට පස්සේ තේහ්‍යොන්ග් එයාගේ කාමරෙන් එලියට ආවා. ජන්ග්ගුක්ට හිතෙන් බැන බැන ආව තේහ්‍යොන්ග් සෝපානයට නගින්න හදනකොටම සොක්ජින් සෝපානයෙන් එලියට ඇවිල්ලා ඉක්මන් ගමනින් එයාගේ කාමරයට යද්දි තේහ්‍යොන්ග්ටත් සොක්ජින් එක්ක එයාගේ පස්සෙන් දුවන්න ඕනේ උනත් ඒත් එක්කම ආයිමත් ජන්ග්ගුක්ගෙන් ඇමතුමක් ආව හන්දා ඇමතුමට සම්බන්ද උනා.
"එනවා අනේ එනවා. වෙඩින් එකේ මනමාලයා එන්න පරක්කු උනා වගේ සැරින් සැරේ කෝල් කරන්න එපා. මේ එනවා. ලිෆ්ට් එකට අඩිය තිබ්බා. ඔන්න ෆ්ලෝ එක තේරුවා. ඔන්න පහලට... හෙලෝ. හෙලෝ මැනේජර් ජන්ග්ගුක්. මැනර්ස් කියලා දෙයක් ඇත්තෙම නැද්ද මෙයාට...."
තේහ්‍යොන්ග් බැන බැන අන්තිමට විදුලි සෝපානය වාහන නැවතුම්පලෙන් නැවැත්තුවට පස්සේ ඒකෙන් එලියට ආවා. ජන්ග්ගුක් එක්ක කලින් රෝහලට ගිය වාහනය දැක්කම තේහ්‍යොන්ග් ගිහින් ඒකේ පිටිපස්සේ දොර අරිද්දි ජන්ග්ගුක් තේහ්‍යොන්ග් දිහා රවලා බලලා ඉස්සරහින් නගින්න කිව්වා.
"ඕකට රවන්න ඕනේ නෑනේ. නගින්න කිව්වම මම නගිනවනේ."
තේහ්‍යොන්ග් වාහනයට නැග්ගට පස්සේ ජන්ග්ගුක් එයාගේ ආසනපටි තද කරගත්තා. තේහ්‍යොන්ග් හොදට ආසනයේ හරි බරි ගැහිලා වාඩි උනත් එයා ආසන පටි දාගත්තේ නෑ කියලා දැක්කම ජන්ග්ගුක් එයාට ඒක මතක් කරලා දුන්නා.
"ඇයි බෙල්ට් එක දාන්නේ? අපි ඉස්සෙල්ල ගිය වෙලාවේ දැම්මෙත් නෑනේ. මේකේ එයා බෑග් එක නැද්ද?"
"අපි හයිවේ එකේ යන්නේ. ඒක හන්දා බෙල්ට් එක දාගන්න."
"ඒ කියන්නේ මේක හැප්පෙන්න පුලුවන්ද? මේ වාහනේ මොඩල් එක කියන්න මට. මම එතකොට ඉන්ටනෙට් එකේ බලන්නම් මේ ටයිප් එකේ කොච්චර ඇක්සිඩන්ට් වෙන්න පුලුවන්ද කියලා. රේට් එක වැඩි නම් අපි ඩැඩ්ට කියලා වාහනයක් ගමු."
තේහ්‍යොන්ග් කියවන දේවල් වලට ජන්ග්ගුක් උත්තර දෙන්න ගියොත් එයාගේ කේන්තිය තවත් වැඩි වෙනවා කියලා දන්න හන්දා ජන්ග්ගුක් එයාගේ ආසන පටියගලවලා තේහ්‍යොන්ග්ගේ ආසනයට නැඹුරු උනා. එක පාරටම ජන්ග්ගුක් තමන් දිහාට එන්නේ මොකටද කියලා තේරුනේ නැති තේහ්යොන්ග් බයටම දොර පැත්තට එයාගේ ඇග තද කරගනිද්දි ජන්ග්ගුක් තේහ්‍යොන්ග්ගේ අස්සෙන් අත දාලා ආසන පටිය ඇදලා අරන් බකල් එක දැම්මා. ක්ශනිකයෙන් උන දේවල් තේරුම් ගන්න බැරි උන තේහ්‍යොන්ග් ජන්ග්ගුක් ජන්ග්ගුක්ගෙ ආසන පටි තද කරගන්නකන් බලන් ඉදලා ඊට පස්සේ හරියට අසුනේ වාඩි උනා. ඒත් තමන්ට මේ පරිසරය උණුසුම් වගේ දැනෙද්දි තේහ්‍යොන්ග් එයාගේ අතකින් එයාට පවන් ගහගත්තේ එයාට මොකක් වෙනවද කියලා එයාටම තේරුනේ නැති හන්දා. තව දුරටත් උණුසුම වැඩි වෙනවා කියලා දැනෙද්දි තේහ්‍යොන්ග් වාහනයේ වායු සමීකරණය වැඩි කරා.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...