සොක්ජින් කාමරෙ පේන්න නැති වෙන කොට ජන්ග්ගුක් බය උනා. පරක්කු උන එකටත් තමන්ටම වැරදි පටවගත්ත ජන්ග්ගුක් සොක්ජින් කාමරෙ නෑ කියලා දැනගනිද්දි තවත් කලබල උනා. නාන කාමරයේ දොර සම්පූර්ණයෙන්ම ඇරලා දාලා තියෙද්දි ජන්ග්ගුක් නාන කාමරය ළගට ගිහින් දොරට තට්ටු කරන්න හැදුවත් ඇතුලෙන් ඇහුන සද්දය නිසා ජන්ග්ගුක් සොක්ජින් අවසර දෙනකන් ඉන්නේ නැතුව එක පාරටම නාන කාමරේ ඇතුලට ගියා.මේ අවුරුදු ගාණට ජන්ග්ගුක් සොක්ජින්ගේ ජීවිතේ විවිධ අවස්ථා දැකලා තියනවා. සොක්ජින් සතුටෙන් හිනා වෙන හැටි, අසනීප උන වෙලාවට මැලවෙන හැටි, මහන්සි වෙලාවට හති අරින හැටි, බය උන වෙලාවට සුදුමැලි වෙන හැටි ඇතුලු එකී මෙකී අවස්ථා ගොඩක් ජන්ග්ගුක් දැකලා තිබ්බත් සොක්ජින්ගේ මේ අසරණ පෙනුම එයා දැක්කේ පළවෙනි වතාවට.
නාන කාමරයේ කොමඩ් එක බදාගෙන සොක්ජින් වමනේ කරමින් හිටියා. නාන කාමරය පුරා විහිදිලා තියන මත්පැන් ගද ජන්ග්ගුක්ට තේරුම් කරා ඊයේ මොනවා හරි වෙලා තියනවා කියලා. මත්පැන් කියන දේ සොක්ජින්ට අලුත් දෙයක් නොවුනත් මේ ජීවිතේ සොක්ජින් මත්පැන් ගන්න හැම වෙලාවකම ජන්ග්ගුක් සොක්ජින් ලග හිටියා. එයා ඊයේ විතරක් හිටියේ නැති වෙනකොට අද බලාපොරොත්තු වෙන්න බැරි දේවල් ජන්ග්ගුක් ඉස්සරහා උනා.
කවුරු හරි කාමරේ ඉන්නවා කියලා දැනුන සොක්ජින් එයාගේ මූණ හරවලා ජන්ග්ගුක් දිහා බැලුවා. සොක්ජින්ගේ මූණ හරියටම දැකපු ජන්ග්ගුක් තවත් බය උනේ අද දවසේ තියන වැඩ කටයුතු වලටත් වඩා සොක්ජින්ගේ තත්වය ගැන. ඉදිමුණ මූණත් එක්ක සොක්ජින්ගේ බාගෙට ඇරුන ඇස් සොක්ජින්ගේ අසරණ පෙනුම තවත් ගැඹුරු කරා. නොනවත්වා වෙව්ලන තොල් වල බේරෙන කෙල කොමඩ් එකට වැටෙද්දි සොක්ජින් ජන්ග්ගුක්ට පොඩි හිනාවක් දෙන්න හැදුවත් ඒ මොහොතෙම සොක්ජින්ගේ බඩ ඇතුලෙන් ආව වමනට කොමඩ් එකට වැටුනා. ජන්ග්ගුක් ඉක්මනට සොක්ජින් ළග දණ නවලා එයාගේ නළලට අතක් තියාගෙන සොක්ජින්ට වමනය කරන්න පහසු කරා.
"සො..සොක්ජින්-ශී. මොකක්ද මේ කරගත්තේ?"
සොක්ජින් මොකුත් නොකියා ඔලුව වනද්දි ජන්ග්ගුක් ටොයිලට් පේපර් එකක් ඉරලා අරගෙන සොක්ජින්ගේ අතට දුන්නා. කටවටේ පිහදගත්ත සොක්ජින් කොමඩ් එකට ඔලුව තියාගෙන ජන්ග්ගුක් දිහා නොබලම හඩ අවදි කරා.
YOU ARE READING
IKIGAI • Taekook
Fanfictionහීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හද...