අම්මේ..... මට පරක්කු වෙලා.. කෑම එක ගේන්නකෝ.
මොකද ළමයො බෙරිහන් දෙන්නෙ . හරියට මන් පරක්කු උනා වගේනෙ , මහ රෑ වෙනකන් ඇහැරන් ඉඳල උදේට වෙලාසන නැගිටින්නෙ නැතුව පරක්කු වෙලා බොරුවට බැරිහන් දෙනෝ .
හරි හරි අනේ ... අද දෙන්න තියන චිත්‍රෙ ඇඳල ඉවර කරනකොට රෑ වුනානෙ ඉතින් .
කාල යන්නෙ නැද්ද ?
පරක්කුවෙනෝ අම්මෙ මන් ගිහින් කන්නම් ම්ම් . මන් ගිහින් එන්නම් එහෙනම් අම්මෙ බුදු සරණයි !
ගිහින් නොකා ඉන්න එපා වැඩ කියල .උදේට කන්න ඔන්න හොදට හරිද ?
Oky..
බුදු සරණයි ! පරිස්සමින් ගිහින් එන්න මගෙ පුතා .
අම්මට සමුදීල විහඟ පාරට දිව්වෙ බස් එකක් අල්ල ගන්න . ඔව් කොල්ලගෙ නම විහඟ , විහඟ ආකාශ් ගනේගොඩ .
අවු 23 යි .කොල්ලගෙ වාසනාව පාරට ආව ගමන්ම බස් එක ආව.ඉක්මනට බස් එකට නැග ගත්ත විහඟ ඉස්සරහම ෂීට් එකක වාඩි වුනේ හති ඇරින ගමන් .මොකද කොල්ල ගෙදර ඉදන් ආවෙ දුවගෙනනෙ .ෂීට එක ගාව තිබ්බ ජනේලෙත් ඇරගෙන කොල්ල වෙලාව බැලුවෙ ගොඩක් පරක්කු වෙලාද කියල .
එච්චර පරක්කු වෙලා නෑ . ශොප් එක අරින්නෙ 8 ට දැන් 8.20 යි ම්ම් අවුලක් නෑ ශොප් එක ගාවට යන්න , යන්නෙ විනාඩි 45 යිනෙ . කියල තමන්ටම මුමුන ගත්ත විහඟ ජනේලෙට ඔලුව තියන් ඇස් පියාගත්තෙ ලාවට ඔලුවෙ කැක්කුමක් තිබ්බ නිසා .
බස් එකෙන් බැහැගත්ත විහඟ උදේට කන්න මොනවත් ගන්නෙ නැතුවම ඉක්මනට flower shop එකට ගියේ තවත් පරක්කු වෙන්න ඕනෙ නැති නිසා .මොකද එයා දැනටමත් පැයක් පරක්කු වෙලා.
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__