Chapter 17_♡

561 33 13
                                    

මේ වෙනකොට කට්ටියම පැයකටත් වැඩිය වතුරෙ නටනගමනුයි හිටියෙ ඒ අතරවාරෙ කට්ටිය කතා වුනේ අද රෑට විහඟගෙ ගෙදර කට්ටියටම උයල එහෙ රෑට නවතින්නයි.ඉතින් ඒ විස්තරේ අම්මට කෝල් එකක් දීල කියන්න කියල හිතාගෙන විහඟ වතුරෙන් ගොඩට එනවත් එක්කම යුමේෂුත් ගොඩට ආවෙ ඇඟේ සබන් ගාගන්නයි.

විහඟ සුනන්දට කෝල් එකෙන් විස්තරේ කියන ගමන් යුමේෂ් දිහා බලනකොට දැක්කෙ යුමේෂ් අමාරුවෙන් පිටේ සබන් ගාගන්න දඟලන හැටියි.කෝල් එක ඉවර කරපු විහඟ,

අයියෙ මන් ඕක පිටේ ගන්නද ?ඔහොම ගෑවොත් අනිත් අයට ගන්න වෙන්නෙ වැලි තමයි.කියල විහඟ යුමේෂ් දිහාවට ගියේ එයාගෙ අතින් දෙතුන්  පාරක්ම සබන් කැටේ බිම වැටෙනව දැක්ක නිසයි.

තැන්ක්ස් සුදූ.යුමේෂ් කිව්වෙ විහඟගෙ අතට සබන් කැටේ දෙන ගමනුයි.ඉතින් විහඟ යුමේෂ්ගෙ පිටේ සබන් ගාල ඉවර වෙනවත් එක්කම,

අනේ සුදු මහත්තයා මගෙත් පිට අතුල්ලල සබන් ටිකක් ගානවකෝ ,මුලු ඇඟේම උනත් කමක් නෑ,කියන ගමන් අභිලාෂුත් අත් දෙපැත්තට විහිදගෙන විහඟට පිටුපාල හිට ගත්තා.

ආ.....ව් යකෝ හමගහන්නද හදන්නෙ.....අභිලාෂ් එකපාරටම කොන්දත් අල්ලගෙන කෑගහන්න ගත්තෙ විහඟ එයාගෙ කොන්ඳ ගල් කැටේකින් අතුල්ලන්න ගත්ත නිසයි.

මොකද කෑගහන්නෙ උබෙ කුණු යවන්න ගලකින් අතුල්ලලා මදි බන්,හොඳට අපුල්ලන්නත් ඕන.විහඟ කිව්වෙ හිනාවෙන ගමනුයි.

අනේ නිකන් ඉඳපන්,මෙහෙ දියන් ඔය සබන් කැටේ මන්ම ගාගන්න.අභිලාෂ් මූණ දෙකකරගෙන විහඟගෙ අතින් සබන් කැටේ උදුර ගන්න හදනකොට විහඟ අභිලාෂ්ව ගනන්ගන්නෙ නැතුව එයාව ආයෙත් අනිත් පැත්ත හරවලා කොන්දෙ සබන් ගාන්න ගත්තා.

මේඅතරෙ  සබන් ගාගන්න ගොඩට ආව ආදිත්‍ය හිටියෙ එයත් එක්කම කතාකරගන්න ගමනුයි.

ආදිත්‍ය pov:

යකෝ මේක මාර වැඩක් උනානෙ,මුන් පොඩිඋන්ද සබන් ගාවගන්න.විහඟටත් ඉතින්.....මේවට තමයි මට නගින්නෙ....

සබන් කැටේ දියවෙනකන්ම ගාපන් අයියෙ,කොහොමත් ඕක ගෑව කියල උබෙ උරුලෑගඳ යවන්න බෑ.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 23 ⏰

Add this story to your Library to get notified about new parts!

FLOWER BOY Where stories live. Discover now