Chapter 13_♡

399 30 13
                                    

අම්මපා බන් මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්නම බෑනෙ.

මොකද බන් අයියෙ එක පාරටම කෙල්ලො ගැන කතා කරන්නෙ......ඕඩර් කරල තිබුණු flower bouquet එකක් හදන ගමන් හිටපු විහඟ ඒක නවත්තල එයාගෙ එහාපැත්තෙ ඉඳන් කම්මුලට අතකුත් ගහගෙන ඕනෑවට එපාවට එයාට මල් දෙන රශ්මික දිහාවට හැරුනා.

නෑ බන් මන් කියන්නෙ,මන් මෙච්චර චේතනාට කැමතීකියල අඟවද්දි...ඒකි ඉන්නෙ නිකන් මොකුත් දන්නැති ගානටනෙ.

අහ් ඒක ද

මොකද මොකද උබ නිකන් අමුතුවට හිනාවෙන්නෙ.උබටත් තේරෙයි කවද හරි ලව් කරන දවසක.

මන් නම් කියන්නෙ , අයිය ගිහින් චේතනා අක්කට කෙලින්ම මූණට කියන්න ඔයා එයාට කැමතී කියල.කෙල්ලො කැමතී කෙලින් වැඩ කරන කොල්ලන්ට.විහඟ ආයෙත් flower bouquet එකට අවදානය යොමුකරන ගමන් කිව්වා.

ඒ....උබ කොහොමද දන්නෙ කෙල්ලො එහෙම අයට කැමතී කියලා.රශ්මික ඇස් හීනි කරල විහඟගෙ මූණට එබෙන ගමන් ඇහුවා.

එහෙම තමා මන් දන්නව.විහඟ ටීශර්ට් කොලර් එක උස්සන ගමන් ගැම්මෙන් කිව්වා.

දැන් උබ කියන්නෙ මට කෙලින්ම ගිහින් චේතනාගෙ මූණටම මන් එයාට කැමතී කියල කියන්න කියල ද

ඒක තමා ගොන් වස්සො මෙච්චර වෙලා මන් කිව්වෙ.

කැමති වෙයි ද බන් ඉතින්,රශ්මික මූණ අමුතු කරන් විහඟවෙන් ඇහුවා.

ඔව් ඔව් බන්,ඔය චේතනා ආක්කට නොතේරෙනව නෙවෙයි බන්,ඔය කෙල්ලන්ගෙ හැටි.එයාල එකපාරටම කියන්නෙ නෑ කැමතී කියලා.

හරි මන් එ.......

සුදූ..........රශ්මික කිය කරල ඉවර වෙන්නත් කලියෙන් එයාල හිටපු රූම් එකේ දොර පැත්තෙන් එක පාරටම කන කඩාගෙන යන කටහඬක් ඇහෙනකොට දෙන්නගෙ කතාවෙ සිහියෙන් හිටපු රශ්මිකයි විහඟයි ගැස්සිලා ගියා.

අප්පේ...... මේ අභිලාෂ් මල්ලිනේ, එයාලගෙ පැත්තට ඇවිදන් එන අභිලාෂ්ව දැකල රශ්මික එහෙම කිව්වා.

හී....හී....කොහොමද අයියෙ , අභිලාෂ් ගොන් හිනාවකින් රශ්මික එක්ක හිනාවුනා.

FLOWER BOY Where stories live. Discover now