Chapter 6_♡

610 45 19
                                    

(පෙර කොටසින් )
මන් කැමති නෑ  මගෙ මූණ  දිහා බලන් කතා නොකරන අයට  , ඒ නිසා කතාකරන වෙලාවට මූණදිහා බලන් කතා කරනව තේරුනා ද ?

ඔ ... ඔව් සර් . ආදිත්‍ය එහෙම කිව්වට පස්සෙ බිම බලන් හිටපු විහඟ ආදිත්‍ය දිහා බලල උත්තර දුන්නා . එතකොට තමයි එයා දැක්කෙ එයා දිහාවට යොමුවෙලා තියන තියුණු ඇස් වල බැල්ම .ඒකට නම් විහඟගෙ ඇගේ හිරිගඩුත් පිපුනා .

එහෙනම් දැන් ගිහින් වැඩේ කරනවා .

ආදිත්‍ය එහෙම කිව්ව ගමන්ම විහඟ office room එකෙන් එළියට ගියා .

________________________________________

අද ශොප් එක වෙනදට වඩා නිශ්ශබ්දයි , මොකද අද උදේම එයාලගෙ අළුත් බොස්ගෙන් හොඳ දේශනයක්  අහගත්තනේ . සෙට් එකම වෙනදට වඩා ඉක්මනින් වැඩ කරනෝ , අවශ්‍ය දේකට ඇරෙන්න වෙන කිසිදේකට කතාකරන්නෙ නෑ හැබැයි ඔය කොච්චර හොඳට වැඩ කරත් එයාල වැඩ කරන තැනට ඇවිත් මොකක්හරි පොඩිදෙයක් අල්ලගෙන මහ ලොකුවට කෑගහල යන්නත් එයාලගෙ බොස්  ආදිත්‍ය අමතක කලේ නෑ .






ශොප් එක වහන්නෙ හවස 5 ට , විහඟ  එයාලට ඇවිත් තිබ්බ මල්  ඕඩර් ටික බලල ඒවට ඔන්න documents හදලා ඉවර වෙනකොට දන්නෙමත් නැතුව වෙලාවත් ගිහින්.  දැන් වෙලාව 4 ත් පහුවෙලා  , ඔන්න දැන්  තමයි විහඟ  floral designs ටික අඳින්නගත්තෙ.එයා ඉතින් එයාගෙ නිර්මාණශීලී චිත්‍ර හැකියාවෙන් ලස්සන floral designs ටිකක් ඇන්දා .ඒ වගේම එයාගෙ බොස්ගෙන් ,









මේ මොනවඳ මේ ඇඳල
තියෙන්නෙ,මොන්ටිසෝරි ළමයිටත් පුළුවන්  මේව අඳන්න .

මේ මල් ටික මෙතනට දැම්ම ම  මැදට බලු බෙට්ටක් වැටිලා  වගේ පේන්නෙ නැද්ද .....?

සේරම එකවගේ ...... ආයෙත් අඳින්න ,වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර 🙂 ලැබුනා .

විහඟ ආදිත්‍ය දිහා බලන්  හිටියෙ, අනේ මට මේ යකාට දෙකක් අනින්න ඇත්නම්, වගේ බැල්මකින් .ඉතින් විහඟ ආයෙත් මුල ඉඳන් desings ටික අඳින්න ගත්තා .








_________________________________________

විහඟ pov:

දෙවනිපාරටත් ඇඳින්න ගත්ත  desings ටිකේ අන්තිම එකත් ඇඳල ඉවර කරනකොට වෙලාව හයයි කාලයි .ඉතින් දඩිබිඩි ගාල ලෑස්ති වුන මන් කෙලින්ම ගියේ office එකට .

FLOWER BOY Where stories live. Discover now