(පෙර කොටසින් )
එතකොට තමුන් , දැන්ම එනව මගෙ office එකට . ආදිත්‍ය සීතල බැල්මකින් විහඟ දිහා බලන ගමන් කියල office එක පැත්තට ගියා .ඒ වෙලාවෙනම් විහඟ හිටියෙ රත් වෙලා , මැඩම්ව ශේප් කරගන්නෝ කියල ආපු එකාට උන වැඩක් .කිව්ව වගේම අදනම් වාසනාව විහඟගෙ පැත්ත පලාතකවත් නෑ .
හරිනෙ ..... අමාරුව🙂👍 රශ්මිකගෙ මූණ දිහා බලල කිව්ව විහඟ office එක පැත්තට ගියා .
good luck කොම්ලෝ,රශ්මික විහඟට හිනාවෙන ගමන් කිව්වා .
රශ්මික දිහා හැරුනු විහඟ වම් අතේ මැඳගිල්ල පෙන්නල office එක පැත්තර දුවන් ගියා .
_________________________________________office එක ඉස්සරහට ගිය විහඟ මුලින්ම කලේ හොඳ ගැඹුරු හුස්මක් අරන් පිට කරපු එක .
May I come in sir ? විහඟ දොරට තට්ටු කරල ඇහුව , එතකොටම එයාට ඇහුනෙ එයා බලාපොරොත්තු වුන සීතල කටහඬ .
come in.
ආදිත්‍ය විහඟට ඉඳගන්න කිව්වෙ නැති නිසා එයා ආදිත්‍යගෙ මේසෙ ඉස්සරහින් හිටගෙන හිටිය , එයාට හිතුනෙ එයා වැරැද්දක් කරල ප්‍රින්සිපල් ගාවට ගිය ළමෙක් වගේ කියලා .හිත ඇතුළෙන් එයත් එක්කම කතා කරගන්න ගමන් හිටිය විහඟ හරි සිහියට ආවෙ ආදිත්‍යගෙ කටහඬේ සද්දෙට .
අපි ශොප් එක ඕපන් කරන්නෙ කීයට ද ?
ආදිත්‍ය හඬ බාල කරල සන්සුන්ව ඇහුවා . හැබැයි ඒ සන්සුන්කම ඇතුළෙ තියන කේන්තිය නම් විහඟට හොඳට තේරුනා .
8 ට සර් .
එතකොට දැන් වෙලාව කීය ද ?
ඇයි සර්ට වෙලාව කියවගන්න බැරිද ?
නෑ නෑ කොල්ල කියන්න ගියෙ නෑ හිතින් කියා ගත්තා විතරයි .මේ වෙලාවෙ ඕක කිව්ව නම් වෙන්නෙ රස්සවත් නැතිකරගන්න .
9.45 යි සර් .
පැයයි විනාඩි 45 ක් පරක්කුයි . මෙතන අනිත් අය වෙලාවට වැඩ කරද්දි ඇයි තමුන්ට විතරක් බැරි ආ ........ තමුන් මේ මාවයි අම්මවයි දන්නව කියල විශේෂ නෑ ,ඒ නිසා වැඩ කරන වෙලාවට හරියට වැඩ කරනව නැත්තන් වැඩට එන්නෙ නැතුව ඉන්නවා .ආදිත්‍ය එයාගෙ සීතල බැල්මෙන් විහඟ දිහා බලාගෙන කෑගැහුව .
So...sorry sir ආයෙ ... ආයෙ එහෙම වෙන්නෙ නෑ , විහඟ වෙවුනල කට හඬකින් කිව්වා .
එහෙම වෙන්න තියන්නත් එපා , අම්ම මේ වගකීමක් නැතුව වැඩ කරන මිනිස්සු එක්ක කොහොම හිටියද මන්ද ,මේ මන් අවවාද කරන පළවෙනි සහ අන්තිම අවස්ථාව ආයෙ මට මෙගැන කියන්න තියන්න එපා ... අනික මට නිදහසට කරුණු වලින් වැඩක් නෑ ..... තේරුණාද ?
ඔව් සර් .
මේ වෙලාවෙ ආදිත්‍යගෙ හිත හොඳටම රිදිල තිබ්බෙ , එයා දන්නෝ එයා පරක්කු වෙලා ආපු එක වරදක් කියලා ඒත් එයා කවදාවත් වගකීමක් නැතුව වැඩ කරන්නෙ නෑ , අනික එයා ලාලනී මැඩම් ළඟින් ම අඳුරනව කියල එයා එහෙම විශේෂයි කියල හිතන් හිටියෙත් නෑ , එයාලගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු උනෙත් නෑ .
මට අද දවස ඇතුළත floral designs 20 ඇඳල ඕන. ඒ වගේ ම තමුන් පරක්කු උන පැයයි විනාඩි 45 යිත් වැඩ කරල යන්න ඕන .තේරුනා ද ?
ඔව් සර් .
විහඟ බිම බලන් උත්තර දුන්නා .
මන් කැමති නෑ මගෙ මූණ දිහා බලන් කතා නොකරන අයට , ඒ නිසා කතාකරන වෙලාවට මූණදිහා බලන් කතා කරනව තේරුනා ද ?
ඔ ... ඔව් සර් . ආදිත්‍ය එහෙම කිව්වට පස්සෙ බිම බලන් හිටපු විහඟ ආදිත්‍ය දිහා බලල උත්තර දුන්නා . එතකොට තමයි එයා දැක්කෙ එයා දිහාවට යොමුවෙලා තියන තියුණු ඇස් වල බැල්ම .ඒකට නම් විහඟගෙ ඇගේ හිරිගඩුත් පිපුනා .
එහෙනම් දැන් ගිහින් වැඩේ කරනවා .
ආදිත්‍ය එහෙම කිව්ව ගමන්ම විහඟ office room එකෙන් එළියට ගියා .
______________________________________________
ඔයාලගෙ අදහස් comment කරන් යන්න. 🌝
ඊළඟ chapter එකෙන් හම්බෙමු .
bye👋🏻NARNIA__47
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__