(පෙර කොටසින්)
ආදිත්‍ය wedding couple එකත් එක්ක කතාකරන්න යනකොට විහඟයි රශ්මිකයි එයාල ගෙනාව මල් ටික ඇතුළට අරන්ගියා.විහඟ වෙඩින් හෝල් එකේ ඇතුළට යනකොට දැක්කෙ එයා කවදාවත් හම්බෙන්න එපා කියල ප්‍රාර්තනා කරපු කට්ටියක්.විහඟට දැනුනෙ එයාගෙ කකුල් ලොක් වෙලා වෙගේ,ඒ නිසා යන ගමන් හිටපු විහඟ එක පාරටම හෝල් එක මැද නැවතුනා.
_________________________________________විහඟට පිටිපස්සෙන් ආව රශ්මික බැලුවෙ කොල්ල ඇයි එක පාරටම නැවතුනේ කියලා.
ඇයි බන් නැවතුනේ ? රශ්මික විහඟ බලන් ඉන්න පැත්ත බලල විහඟගෙන් ඇහුවා.
අ... ආ මොකුත් නෑ,මන් මේ අශේන් කොහෙද කියල බැලුවෙ.විහඟ කටට ආපු බොරුව කියල දැම්මා.
ආ..... අර ඉන්නෙ බන් අශේනයා . රශ්මික,විහඟ හම්බෙන්න අකමැති කට්ටියය මෙහා ඉන්න අශේන්ව පෙන්නුවා.ඉතින් විහඟ එයාගෙ අතේ තියන මල්ටික ඉක්මනින් අශේන් ගාවින් තියල අනිත් මල්ටික ගේන්න යන්න හැරුනත් ,
විහඟ......
යන්න හැරුන විහඟ ආයෙත් හිටිතැනම නතර වුනේ ආදිත්‍ය කතා කරපු නිසා.පිටිපස්සහැරිල බලපු විහඟට දකින්න ලැබුනෙ එයා දකින්න අකමැති අයත් එක්ක කතාකර කර ඉන්න ආදිත්‍ය.විහඟට හිතාගන්න බෑ මොකක්ද කරන්න ඕන කියල.දැන් ඇහුනෙ නෑ වගේ යන්නත් බෑ,සර් කතා කරපු නිසා නොයා ඉන්නත් බෑ.ඉතින් අන්තිමට විහඟ එතන ඉන්න අයට දැන් එයාව මතක නැතුව ඇති කියල හිත හදාගෙන ආදිත්‍ය ඉන්න තැනට ගියා.සර් කතාකරේ.විහඟ ආදිත්‍යගෙන් එහෙම ඇහුව.
අහ් ඔව් විහඟ.ඔයාල අර පැත්ත ඩෙකරේට් කරනකොට white roses ටිකක් වැඩියෙන් දාල red roses අඩු කරන්න හරි ද.
හරි සර්.විහඟ එහෙම කියල යන්න හැදුවත්,
විහඟ..... ආකාශ්.... ගනේගොඩ.... . අඩෝ අඩෝ මේ ඌ තමා බන්.එතන හිටපු කොල්ලෙක් විහඟගෙ නම අමුතුවිදියට කිව්වා .
යකෝව් උබට මුගෙ නමත් මතක ද
නැත්තන් යකෝ,ඒකාලෙ අපි මුගෙන් ගත්ත ආතල්.විහඟ එතන හිටපු අයට එයාව මතකනැතුව ඇති කියල හිතුවත් ඒක එහෙම නෙවෙයි.
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__