Chapter 10_♡

418 34 4
                                    

(පෙර කොටසින්)
ගුඩ් නයිට් සර්.පරිස්සමින් යන්න.ආදිත්‍යට ඕනෑවට එපාවට එහෙම කියපු විහඟ ආදිත්‍යගෙ මූණවත් බලන්නෙ නැතුව වාහනෙන් බැහැල ගෙට ගියා.විහඟ ඉන්නෙ එයත් එක්ක තරහින් කියල තේරුණු ආදිත්‍ය විහඟ යනකන් බලන් ඉඳල ආපහු එන්න හැරුනෙ එයාගෙ වැඩ ගැන පසුතැවීමෙන්.එයාට තිබ්බ විහඟත් එක්ක ඊට වඩා හොඳ විදියට කතා කරල විස්තර දැන ගන්න,ඒත් ඉතින් කොහෙද ඉවසීමක් කියල දෙයක් නෑනෙ.

--------------------------------------------------------------------------------------

Good Morning ලාලී....

අදත් වෙනද වගේම ශොප් එකට යන්න ලෑස්ති වුන ආදිත්‍ය උයන ගමන් හිටපු එයාගෙ ආදරණීය අම්ම ලාලනීව ආදරෙන් වැළඳ ගත්තා.සාමන්‍යයෙන් මේ වගේ ආදරණීය හැසිරීම් ලාලනීගෙ ලොකු පුතගෙනුයි පොඩි පුතගෙනුයි ගොඩක් වෙලාවට දකින්න  ලැබුනත් සීතල ගතිගුණ තියන එයාගෙ මද්දුමයගෙන් නම් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.එක්කො ඒ එයා හොඳ වැදගත් වැඩක් කරන්න  ඉන්නකොට හරි නැත්තන් සතුටින් ඉන්න වෙලවක් උනොත් ඔන්න මේ වගේ ආදරණීය හැසිරීමක් ආදිගෙන් බලාගන්න පුලුවන්වෙනෝ.

Very good morning , මොකද මොකද මේ කවදාවත් නැතුව අම්මත් එක්ක හුරතල් වෙන්න ඇවිත්.ලාලනී අවුරුදු විසිහයක් උන එයාගෙ හුරතල් (හුරතල්?🙂)පුතාගෙ කම්මුල් අදින ගමන්  එහෙම ඇහුවෙ මේ කලාතුරකින් දකින ආදිත්‍යගෙ හැසිරීමදිහා බලලා හිනාවෙන ගමනුයි.

හුරතල් නෙවෙයි අම්මෙ,අද  interview එක.

ආ... මට හිතුන මොකහරි වැදගත් වැඩක් වෙන්න ඇති කියලා.

වැදගත්, වැදගත් තමයි අම්මත් මාර මිනිස්සු ටිකක්නෙ වැඩට අරන් තියෙන්නෙ,එදා මට අහම්බෙන් හරි අර documents ටික හම්බ උනේ නැත්තන්  තාමත් දැනගන්න හම්බෙන්නෙ නෑනෙ ඒ සල්ලි වංචාකිරිල්ල.

හරි හරි ඉතින්,ඒකටනේ  මන් මේ මගෙ CID එකේ කොල්ලට ෆොප් එක බාරදුන්නෙ.ලාලනී කෑමටික මේසෙට අරින අතරෙ ඇස් කොනින් ආදිත්‍ය දිහා බලන් එහෙම කිව්වා.

ආ... අනිත් එක විහඟ , ඒ මනුස්සයගෙ පුදුම කියවිල්ලක්නෙ තියෙන්නෙ.මන් වැඩක් දීල එතන හිටියොත් හ්ම්ම්ම් සද්දයක් නැතුව වැඩටික කරනෝ, මන් පොඩ්ඩක් හරි එහාට මෙහාට වුනොත් ඔන්න එතන ඉන්නො කොල්ලොන්වයි කෙල්ලොන්වයිත් කතාවට අල්ලගෙන  කෝච්චිය වගේ ආයෙත් කියවනෝ.ඒකනම් මහ හිසරදයක්.ආදිත්‍ය එහෙම කියන ගමන් මේසෙට අතින් පහරක් ගැහුවෙ විහඟගෙ ඉවරයක් නැති කියවිල්ල මතක් වෙල්ලා.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනෝ ඇත්තටම ආදිත්‍යට තරහ යන්නෙ විහඟගෙ කියවිල්ල නිසාමද? නැත්තන් වටේ ඉන්නො කොල්ල්ලො කෙල්ලො එක්ක හුරතල් වෙන විහඟ එයාගාවදි නිහඬ පුද්ගලෙක් වෙන නිසාද ?

FLOWER BOY Where stories live. Discover now