විහඟ.....
විහඟ එයාට ආව කෝල් එක අන්ස්වර් කරන්න කලියෙන් එයා වැඩකරන ගමන් හිටිය රූම් එකේ දොර දිහාවෙන් ආදිත්‍යගෙ කටහඬ ඇහුණා.
අහ්,සර්.....
නොහිතපු වෙලාවක ආදිත්‍ය දැක්ක නිසා විහඟහෙ හිත ගැස්සුනත් ඒක නොපෙනෙන විදියට විහඟ කතා කලා.මන් මේ ආවෙ.....ආදිත්‍යට එයා කියන්න ගිය කාරණාවට බධාවක් වෙමින් විහඟගෙ පෝන් එක නැවත වතාවක් රින්ග් වෙන්න පටන් ගත්තා.
හදිසි කෝල් එකක් වගේ...ඕක ආන්ස්වර් කරල ඉන්න.ආදිත්‍ය විහඟට එහෙම කියන ගමන් සාක්කු දෙකට අත්දෙකත් ඔබාගෙන විහඟට එහාපැත්තෙන් මේසෙට හේත්තු වුනා.
හෙලෝ,කියන්න සර්......
.......
ආ.....හරි හරි අයියෝ.....විහඟ කෝල් එකේ එහාපැත්තෙ ඉන්න කෙනත් එක්ක හිනාවෙවී කතාකරන දිහා ආදිත්‍ය මේසේට හේත්තුවීගෙන බලාගෙන හිටියා.
.........
අයිය මොකද මේවෙලාවෙ ගත්තේ ?
...........
ම්ම්....සර් ඉන්නව මෙතන,ඔව්.විහඟ ඇස් කොනෙන් ආදිත්‍ය දිහා බලන ගමන් කියන කොට ආදිත්‍ය විහඟ දිහා තවත් උනන්දුවෙන බලන්න ගත්තෙ මුලින් සර් කියල ආයෙත් අයියා කියන්නෙ කාටද කියල දැනගන්න වගෙයි.
..........
ඔව් අනිවාරෙන් එනෝ.ඒව සප්ප්‍රයීස්
...........
මන් දන්න කෙනෙක්,කවුද ඒ.....
........
හා හා අයියෙ එහෙනම් මන් තියන්නම්,හරී.....බුදුසරණයි.විහඟ හිනාවෙවී කෝල් එක කට් කරල එයාගෙ එහාපැත්තෙ ඉන්න ආදිත්‍ය දිහාවට හැරුණා.
කවු ද කතකළේ ? විහඟ කෝල් එක කට් කරනවත් එක්ක ආදිත්‍යගෙ හිතේ තිබුණු පැනය ඉබේම කටින් එළියට පැන්නා.ඒ කතා කළේ අනුරාධ කියල අනුමාන කළත් ආදිත්‍යට ඒක ස්ථීරවම දැන ගන්න ඕන වුනා,හැබැයි ඒ ඇයි කියල නම් එයාටවත් හිතාගන්න බෑ.
මන් හිතන්නෙ ඒක සර්ට අදාළ දෙයක් නෙවෙයි.විහඟ කවදාවත් නැතුව ආදිත්‍යගෙ ඇස්දිහා කෙලින් බලාගෙන් කතකලා.
තත්පර කිහිපයක් ගතවුණා.....
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__