යුමේෂ් අයියේ..... අනුරාධත් එක්ක එන අනිත් කෙනාව දැකල විහඟට සද්දෙට කෑගැහුනා.
ඉතින් ඉතින් කොහොමද කොල්ලනේ....,අනුරාධත් එක්ක විහඟල හිටපු තැනට ආව යුමේෂ් කතාකරන්න වුණා.හොඳින් ඉන්නව අයියෙ....,අයියට කොහොමද...අවුරුදු කීයකින්ද ඔයාව දකින්නෙ.මට ඒත් අනුරාධ අයිය මන් දන්න කෙනෙක් එන කිව්වම ඉස්සෙල්ලම මතක් වුණේ ඔයාව ,හැබැයි මන් කීයටවත් හිතුවෙ නෑ ඔයා ඇත්තටම එයි කියලා.විහඟ යුමේෂ් දිහා එයාගෙ දිලිසෙන ඇස්වලින් බලාගෙන එක දිගට කතාකරගෙන ගියේ අවුරුදු ගානකට පස්සෙ එයාගෙ ළඟම හිතවතෙක් දකින්න ලැබීමේ සතුට නිසයි.
ඔසීවල ඉද්දි උබලව ගොඩක් මතක් වුණා බන්,ඒකයි මේපර ෆුල් ට්‍රයි එකක් දාල නිවාඩු දාගෙන උබලව බලල යන්න ආවෙ.යුමේෂ් විහඟගෙ කරට අතක් දාගෙන එයාගාවට ඇදගන්න ගමන් කතා කලා.
ඉතින් ඉතින් කොහොමද පොඩි එකෝ,යුමේෂ් කතාකළේ එයාගෙ ඉස්සරහ ඉන්න අභිලාෂ්ගෙ කොන්ඩෙ අවුස්සන ගමනුයි.
අනේ නිකන් ඉඳපන් අයියෙ මන් දැන් පොඩි එකෙක් නෙවෙයි දැන්.අභිලාෂ් යුමේෂ් ඇවිස්සුව එයාගෙ කොන්ඩෙ හරියට හදාගන්න ගමන් කිව්වා.
ඔව් ඔව් අනුරාධ මට එව්ව උබ කරන පරිනත වැඩවල වීඩියෝ එකක් ,යුමේෂ් අනුරාධට ඇහැක් ඉඟිකරල කියන කොට අභිලාෂ් අනුරාධ දිහා රවාගෙන බලන් හිටියේ තෝ මොකක්ද කරපු අජූත වැඩේ කියල අහන්න වගෙයි.
මොකද ඔරවන්නෙ මන් මොන්වත් කිව්වෙ නෑ,ඔන්න අර උබ අම්මගෙ සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන නටන වීඩියෝ එක නම් බැරිවෙලා මගෙ අතින් මුට ගිහින් තිබ්බා.අනුරාධ ගානක් නැතුව කියනකොට අභිලාෂ් නම් හිටියෙ අනුරාධ හපල කන්න තරම් කේන්තියෙනුයි.
ඉතින් ආදිත්‍ය කොල්ලො,අප්පේ මේකගෙ සයිස් එක,යුමේෂ් ආදිත්යගාවට ඇවිත් එයාගෙ කරවටේ අතක් දාගන්න ගමන් කතාකළා.
කොහොමද අයියෙ කාලෙකට පස්සෙ,
ආදිත්‍ය එයාගෙ කරවටේ එතිල තිබුණු යුමේෂ්ගෙ අත අයින් කරල එහාට වෙන ගමන් යුමේෂ්ගෙ ඇස් කෙලින් බලාගෙන කතාකලා.යුමේෂ්, ආදිත්‍ය අයින් කරපු එයාගෙ අත දිහා බලල කට කොනෙන් අමුතු හිනාවක් දාල එයත් ආදිත්‍යගෙ ඇස් දිහා එක එල්ලේ බලාගෙන කතාකළේ ඉස්සෙල්ල එයාගේ මූණෙ තිබුණු පියකරු හිනාව අතුරුදන් කරගෙනයි.කවුරු හරි මේ දෙන්න දිහා හොඳින් බැලුව නම් අනිවාර්යයෙන්ම එයාට පෙනෙයි මේ දෙන්න බලන් ඉන්න විදියෙන් දෙන්නට දෙන්න මොකක් හරි දෙයකට අමනාපෙන් ඉන්න බවක්.
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__