(පෙර කොටසින්)
ඉස්සරහ තියන කඩේ ගාවට යන්න අඩි දෙක තුනක් තිබ්බත් එක පාරටම එයා ඉස්සරහ නවත්තපු කාර් එක නිසා විහඟ එතනම නැවතුනා.
කාර් එකේ මනුස්සයාට හිතින් බනින ගමන් යන්න හැදුවත් එයාට ඇහුන කටහඬ නිසා අයෙත් එයා වාහනේ දිහා බැලුව.
________________________________________________
මොනවද බලන් ඉන්නෙ තවත් තෙමි තෙමී නගිනව කා' එකට.
සර්....
ඔව් විහඟට ඉස්සරහින් නවත්තල තිබ්බෙ ආදිත්‍යගෙ කා' එක.සර් කමක් නෑ.මන් ඉස්සරහ කඩේට යනෝ.සර් යන්න. විහඟ ජනේලෙ ගාවට ගිහින් එහෙම කියනකොට ම ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොර ඇරන් එළියට ආවා අදිත්‍ය විහඟගෙ අතින් ඇදල පැසෙන්ජර් සීට් එක පැත්තෙන් දොර ඇරල බලෙන්ම වාඩි කලා. ඇත්තටම වාඩිකලා නෙවෙයි විහඟ කාර් එක ඇතුළට තල්ලු කලා.මහ සද්දෙන් විහඟ හිටපු පැත්තෙ දොර වහපු ආදිත්‍ය ආයෙත් ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වුනා.මේ වෙනකොට දෙන්නම හොදට ම තෙමිල හිටියෙ වැඩියෙන්ම විහඟ.විහඟගේ මුලු ඇගෙන්ම වතුර බේරෙනෝ. විහඟ හීන්සීරුවට ආදිත්‍යගෙ මූණ දිහා බැලුව .ඇත්තටම ඒ මූණ දිහා බලපුවම ඕන එකෙක්ට කියන්න පුලුවන් එයාට කේන්ති ගිහින් ඉන්නෙ කියල.එක පාරටම පිටිපස්සෙ ශීට් එක පැත්තට හැරුන ආදිත්‍ය එතන තිබ්බ බ්ලැන්කට් එකක් අරන් විහඟගෙ ඇඟට දැම්ම.
පිහදාගන්නව හොඳට. ඇත්තටම තමුසෙට පිස්සුද ඕයි මේ මහ වැස්සෙ කුඩයක්වත් ඉහලන්නෙ නැතුව යන්න.ආදිත්‍ය එයාට තිබ්බ කේන්තියට ඔලුව පිහදාගන්න ගමන් හිටපු විහඟට කෑගැහුවා.
මන් කුඩයක් ගෙනල්ල තිබ්බෙ නෑ.ආදිත්‍ය කෑගහපු නිසා ගැස්සුනු විහඟ හෙමින් උත්තර දුන්නා.
අනේ ඕයි කුඩයක් ගෙනාවෙ නැත්තන් මේ මහ වැස්සෙ තෙමෙන්නෙ නැතුව කඩයක් ගාවටවත් යන්න තිබ්බනෙ.ආදිත්‍ය ආයෙත් විහඟට කෑගහන්න ගත්තා.
යැයි යැයි තමයි.
මුමුන මුමුන ඉන්නෙ නැතුව ඔය සීට්බෙල්ට් එක දාගන්නවා දැන්වත්.ආදිත්‍ය එහෙම කියල drive කරන්න ගත්තෙ විහඟ දිහා හොරෙන් බලන ගමන්.කොහොමහරි දෙන්න කිසිම කතාවක් නැතුව ඉස්සරහට ගියත් විහඟ එක පාරටම කඩයක් දැකල කෑගන්න ගත්තා.
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__